![galewela-incident galewela-incident](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRnX7gxZtYclM105NZHTLT-RGXTpmwWA5N3_cTRaUt7uwNqF445cMAcdCVlk2lMnYGCK9mrvD4-HTz95IPFo2bGubSYR-BEYJlMmDGKxYTZgjdNjaVijanL19CgBCSYF32L5LpEOIuLjg5/s16000-rw/collage.jpg)
17 හැවිරිදි ඥාති දැරියක 34 හැවිරිදි පුද්ගලයකුට විවාහ කර දීමට උත්සාහ කළ බව කියන 19 හැවිරිදි තරුණියක තියුණු ආයුධ ප්‍රහාරයකින් පෙරේදා (3) ඝාතනය කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල, පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි ඒ.පී. රශ්මිකා දිල්මිණි
තිලකරත්න නමැති 19 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය. ගලේවෙල, පට්ටිවෙල ප්‍රදේශයේ ඇය පවත්වාගෙන යන පොත් සාප්පුවේ දී මෙම ඝාතනය සිදු වී ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනයට මියගිය තරුණියගේ ළඟම ඥාතියකු වන 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබු තරුණිය ගලේවෙල රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට යවා ඇති අතර එහිදී මෙම තරුණිය මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කීය. ඝාතනයට ලක් වූ තරුණියගේ නිවසේ 17 හැවිරිදි දැරිය ජීවත්ව ඇති බවද පොලිසිය කළ පරික්ෂණවලදී හෙළි වී ඇත. ඝාතනය සම්බන්ධව ගලේවෙල පොලිසිය පරික්ෂණ පවත්වයි.
-කාංචන කුමාර ආරියදාස-
0 Comments