garbage-sri-lanka

බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් ඒවායින් එකතු කරනු ලබන්නේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500ක් පමණක් බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධක්ෂිකා සරෝජනී ජයසේකර මහත්මිය පැවසුවාය. බස්නාහිර පළාතෙන් දිනකට එකතු කරන ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500කින් සියයට 15ක ප්‍රමාණයක් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා යොදා ගන්නා බව ද ජයසේකර මහත්මිය කීවාය. ජාත්‍යන්තර ප්‍රතිචක්‍රීකරණ දිනයට සමගාමීව alesec ශ්‍රී ලංකා සංවිධානය "ප්ලාස්ටික් ගැටලුවට විසඳුමක් "යන සංවිධාන කළ සම්මන්ත්‍රණයක දී සරෝජනී ජයසේකර මහත්මිය මේ බව පැවැසුවාය.එහිදී තවදුරටත් සරෝජනි ජයසේකර මහත්මිය මෙසේද  කීවාය.

මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ දී වෙළෙඳ නාම හිමිකරුවන්ගේ සහ නිෂ්පාදකයන්ගේ කාර්යභාරය ඉතා වැදගත්. ඒ අනුව දිගුකාලීනව පරිහරණය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු විය යුතුයි. මේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අප ලංකා වාණිජ මණ්ඩලය සමගත් සාකච්ඡා කර තිබෙනවා. බස්නාහිර පළාතෙන් දිනකට එකතු කරන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500 න් සියයට 10ක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරනවා. තවත් සියයට 75 ක් කසළ රඳවන අංගනවලට යොමු කරනවා.

මෙහිදී අදහස් දැක්වූ Ec0 spindles & Sealedes සාමාන්‍යාධිකාරී මනෝජ් උඩවත්ත මතා - දැනට පවතින ප්ලාස්ටික් එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. වෙළෙඳපොළේ ඇති ග්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට විස්සක් පමණයි. අපට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ අවශ්‍යතාවට සරිලන සැපයුමක් නොමැති වීමයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා අප සියලු දෙනා එක්ව ශක්තිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුයි. මොඩර්න් පැක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාර් ලහිරු විජේරත්න මහතා - ප්‍රශ්නය ඇත්තේ පොලිතින් සහ ප්ලාස්ටික්වල නොවේ. මිනිසුන් පොලිතින් සහ ප්ලාස්ටික් වගකීමක් නොමැතිව කළමනාකරණය නොකිරීම නිසා ප්ලාස්ටික් මේ වනවිට ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ක්‍රමානුකූලව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළහොත් ප්ලාස්ටික් ආනයනය කිරීමට වැය වන වියදම අවමකර ගැනීමට හැකියාව ලැබෙනවා යැයි ලහිරු  විජේරත්න මහතා පැවැසීය. චක්‍ර සූත්‍ර හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හිමේෂ් උනන්දු මහතා පැවැසූයේකසළ බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව දැනුවත් කිරීමෙන් හා අවබෝධයක් ලබාදීමෙන් ජනතාව තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට හැකියාව තිබෙන බවයි. ප්‍රතිචක්‍රීකරණය කරන්නට ලැබෙන්නේ වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීම වෙනුවෙන් පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රමුඛතාව දිය යුතු බවට මෙහිදී විශේෂඥයන්ගේ අවධානය යොමු විය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මනෝප් උඩවත්ත, චක්‍ර සූත්‍ර හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හිමේෂ් ප්‍රනාන්දු,  මොඩන් පැක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරි ලහිරු විජේරත්න, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනනාත් ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.