ජර්මනියේ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ හෙදියක් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි හය දෙනෙකු වෙත සේලයින් ලබා දී ඇතැයි වාර්තා වෙයි. එන්නත්කරණය සඳහා නිකුත් කර තිබූ Pfize BionTechඑන්නත් මාත්‍රා අඩංගු බෝතලයක් අදාළ හෙදිය අතින් බිමට වැටී විනාශ වී යාමේන් අනතුරුව සිය වැරැද්ද වසා ගැනීම සඳහා ඇය මෙලෙස එම හය දෙනා වෙත සේලයින් ලබා දී තිබෙන බව අනාවරණය වී තිබේ. ඇය තමන් සිදුකළ මෙම වැරැද්ද සිය සහෝදර හෙදියකට පවසා ඇති අතර,
පසුව ඇය විසින් මේ පිළිබඳව බලධාරින් වෙත දැනුම් දී තිබේ.
මේ වනවිට අදාළ හෙදිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පැවසෙයි. ජර්මානු රතු කුරුස එන්නත්කරණ මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත. එම දිනයේදී ඇගෙන් එන්නත් ලබාගත් පුද්ගලයන් 200දෙනා වෙත ඉදිරිපත්වන ලෙස බලධාරීන් දැනුම් දී ඇත. ඒ අනුව ඔවුන් සියලු දෙනාගේම ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කරන බවත්, ඒ හරහා ප්‍රතිශක්තිකරණ එන්නත නොව සේලයින් ලබාදුන් හය දෙනා හඳුනාගත හැකිවනු ඇති බවත් ඔවුන් පවසයි.
සාමාන්‍යයෙන් මෙම Pfizer-BioNTech එන්නත් මාත්‍රා ලබාදීමේදී ඊට පෙර සේලයින් යොදා ගනිමින් එම මාත්‍රාව තනුක කිරීමක් සිදු කරයි. එය එම අවස්ථාවේදී එන්නත්කරණය සිදුකරන හෙදියගේ කාර්යභාරය වන අතර, තමන් අතින් අත්වැරදීමකින් විනාශවූ එන්නත් මාත්‍රා බෝතලය වෙනුවට ඇය මෙලෙස සේලයින් පමණක් ලබාදීම සිදුකර ඇත.
0 Comments