ගාල්ල – ගිංතොට පුරාණ තුන්මහල් විහාරයේ වැඩවසන වීරකැටියේ සංජය හිමියන් පොලිසිය ඉදිරිපිටදීම අසභ්‍ය වචන කියමින් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ වන විට සමාජජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
තමන්ට අයත් පොල් ඉඩමක් බලෙන් පාවිච්චි කළ බවට චෝදනා නගමින් හිමිනම අසභ්‍ය වචනයෙන් පුද්ගලයකුට බැණවැදීමට හා පහරදීමට උත්සාහ දරන්නේ සංඝ ගෞරවය රහිතවය.
අදනකඩය පිටින් සිටිනා මෙම භික්ෂුව සිදුවීම වන අවස්ථාවේදී බීමතින් සිට ඇති බවටද වාර්තා පළව තිබේ.
මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම නිලධාරීන් ගණනකට නොගෙන සිය ආධිපත්‍යය පෙන්වන ආකාරය වීඩියෝවේ දැක්වේ.
පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකට අනුව පොලිසිය මෙම ස්ථානයට ගිය බවයි.
ඉඩම් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම ආරවුල මතුව ඇති බවත් හිමිනම බීමත්ව සිට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පසුව පොලිසිය මෙකී හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු මුදාහැර තිබෙයි.
අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවට අනුව බීමත්ව සිටි බව තහවුරු වී ඇත. ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව ද පොලිසිය දන්වා ඇත.
කිසිදු අසල්වැසියකු පැමිණිල්ලක් කර නොමැති හෙයින් චීවරධාරියා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබේ.
මේ කියන හිමිනම මහින්ද රාජපක්ෂ විදුහලේ ආදි සිසුවෙකු බවත් රජයේ රැකියාවක් සිදුකරන අයෙකු බවත් වාර්තා විය.
සංස්කෘතික අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු සමායෝජක ලෙස ලබුදූව දක්ෂිණපායෙහි සේවය කරන බවද විමර්ශනවලදී හෙළිවී ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
0 Comments