hingurakgoda-lockdown

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26) හඳුනා ගැනීමෙන් අනතුරුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.




ඒ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා සඳහන් කරයි.

හිඟුරක්ගොඩ,සිරිකෙත ජනපදයේ පවුල් 315කට අයත් පුද්ගලයන් 1119ක් පමණ වෙසෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.