imran-khan-statement

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් එරට කාන්තාවගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.   විරෝධයට හේතු වුයේ කාන්තාවන් අපයෝජනය ලක් වන්නේ, ඔවුන් අදින ඇඳුම් පැළඳුම් නිසා බවත්,  අපයෝජනයට ලක් නොවීමට නම්,

ඇඟ වැහෙන ලෙස ඇඳුම් ඇඳිය යුතු බවත් පවසමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයයි.  ඔක්සෆර්ඩ් අධ්‍යාපනය ලැබූ, ක්‍රිකට් විරුවකු ද වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පසුගිය දා රූපවාහිනී සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාකිස්තාන කාන්තා ක්‍රියාකාරින් සමාජ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ට දොස් නගා ඇත. පාකිස්තාන මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ කාන්තා සංගම්වලින් සහ ක්‍රියාකාරිගෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් දිගටම පැමිණිලි ලැබෙන බවය.