ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් ද්විත්ව කොරෝන විකෘතිය මේ වනවිට රටවල් 10 කට පැතිර ගොස් ඇති බවත්, එම විකෘතිය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.  මේ වනවිට පිට පිට දින 5 ක් තිස්සේ ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ.  ඉන්දියාවෙන් මෙසේ  ආසාදිතයන් වැඩි වීමට එක්  හේතුවක් වී ඇත්තේ ද මෙම ද්විත්ව කොරෝනා වීකෘතිය යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

විද්‍යාඥයන් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය නිල වශයෙන් නම් කර ඇත්තේ බී.1.617 යන නමිනි. ‘ඊ484කියු’ සහ ‘එල්452ආර්’ යන විකෘති කොරෝනා වයිරස ප්‍රභේද ඊට ඇතුළත් වෙයි.


මේ වනවිට කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, මෙක්සිකෝවෙන් සහ  බ්‍රසීලයෙන් ද වාර්තා වන නමුත් විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි. ඉන්දියාවේ හමුවුණු මෙම ද්විත්ව විකෘති ප්‍රභේදය පැතිර ගොස් ඇති රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව,  නවසීලන්තය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ජර්මනිය, අයර්ලන්තය, නැමීබියාව, ඇමෙරිකාවය.


මෙම ද්විත්ව විකෘතියේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, මෙතෙක් හමුවී ඇති සෙසු විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා වැඩි යැයි ඉන්දීය  වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 16 කට මෙම  නව ද්විත්ව විකෘති ප්‍රභේදය ව්‍යාප්ත වී තිබේ.  ඊයේ (19) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 2,73,810  කි. මරණ වාර්ත වූයේ 1,619  කි. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ‘කොවිඩ් 19 ආසාදිතයන් ගණන කෝටි 1.5 පසු කළේය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ලක්ෂ 1.78 කි. මේ වනවිට නවදිල්ලි  අගනුවර රෝහල්වල ඇඳන් හිඟයක් පවතින බවත් ඔක්සිජන් හිඟවීමෙන් කොරෝනා රෝගීන් මියයෑමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ.