බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී 117 සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට පැමිණියේ ඉන්දියානු ධීවරයින්ගෙන් විය හැකි යැයි සෞඛ්‍ය විශේෂඥයෝ සැක පළ කරති. මෙරට මුහුදේ මසුන් මරණ ඉන්දීය ධීවරයන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් හෝ වෙනත් සංක්‍රමණිකයන්ට මාර්ගයෙන් වයිරසය මෙරටට පැමිණෙන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉන්දියාවේ මේ දිනවල පැතිර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී 117 සැර කොරෝනා වයිරසය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෙල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද පෙරේදා (28) සනාථ කළේය.ඉන්දියාවේ සිට පැමිණෙන පිරිස් මේ තත්වය යටතේ දී ජෛව බුබුළු ක්‍රමයක් යටතේ රැගෙන ඒමටත් ඒ අය සම්බන්ධයෙන් වෙනම නිරෝධායන වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඉන්දියාවේ සිට පැමිණෙන්නන් පී.සී. ආර්. පරික්ෂණ 2කට හෝ තුනකට ලක් කිරීමට ද කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය. මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය පෙර වයිරසයට වඩා ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව සියයට 55 කින් පමණ වැඩි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති.
-සුජිත් හේවාජුලිගේ
0 Comments