india-new-zealand-visa

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන්ට නවසීලන්තය වෙත ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට එරට බලධාරීන් ඊයේ (08දා) පියවර ගෙන තිබේ. ආසන්න දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ. 

එසේම නවසීලන්තයෙන් හඳුනාගෙන ඇති නවතම COVID-19 ආසාදිතයන් 23 දෙනා අතරින් 17දෙනෙකුම ඉන්දියාවෙන් එරටට පැමිණි පිරිස් වීමද මෙම තීරණයට බලපා ඇත.මෙම සංචාරක තහනම ලබන ඉරිදා සිට ක්‍රියාත්මක වන බව පැවසෙයි. එය ලබන අප්‍රේල් 28දා දක්වා ක්‍රියාත්මක වෙයි. නවසීලන්තය තුළ මේ වනවිට ආසාදිතයන් 2,531 දනෙකු හදුනාගෙන ඇති අතර, ආසාදිතයන් වර්ධනය සඳහා ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන් මූලික වන බවට විශේෂඥයන් අනතුරු අගවා තිබේ.