රුසියාවේ නිෂ්පාදිත COVID-19 මර්දන Sputnik-V එන්නත් පළමු තොගය ලබන මැයි 01දා ඉන්දියාව වෙත හිමිවීමට නියමිතව ඇතැයි රුසියාවේ සෘජු ආයෝජන අරමුදල් ප්‍රධානී කිරිල් දමිත්රියෙව් පවසයි. ක
ෙසේ වෙතත් මෙම පළමු වැනි තොගය යටතේ කොපමණ එන්නත් තොගයක් ඉන්දියාව වෙත යවෙනවාදැයි ප්‍රකාශ වී ඇත. එසේම මෙම එන්නත් කවර රටකදී නිපදවනවාද යන්න පිළිබදවත් අනාවරණය කෙරේ නොමැත. ඉන්දියාව තුළ ව්‍යාප්තව පවතින දරුණු COVID-19 දෙවැනි රැල්ල පාලනය සදභා රුසියාව ලබාදෙන දායකත්වයක් ලෙස මෙම එන්නත් තොගය ප්රදානය කෙරෙන බව සදහන් වෙයි. දැනටමත් එක්සත් ජනපදය, චීනය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු ප්‍රධාන රටවල් ඉන්දියාව වෙත අවශ්‍ය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. රුසියාවේ මෙම Sputnik-V එන්නත ලොව පුරා අලෙවි කිරිම සම්බන්ධයෙන් වගකීම දරන මෙම රුසියානු ස්වෛරිත්ව වත්කම් අරමුදලක් වන සෘජු ආයෝජන අරමුදලයි. එම අරමුදල දැනටමත් ඉන්දියාවේ මුල් පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් පහක් සමග අත්සන් තබා ඇති එකගතාවකට අනුව වසරකට එන්නත් මාත්‍රා මිලියන 850ක් ලබාදීමට එකග වී තිබේ.
0 Comments