kapila-perera-speaks

කොරෝනා අවුරුදු රැල්ල හේතුවෙන් විහ්ව විද්‍යාල ආරම්භය කල් තබා ඇති පසුබිමක පාසල් වසා දැමීමට තීරණයක් තිබේදැයි කළ විමසුමකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දන්වා ඇත්තේ තවම එවැනි තීරණයක් ගෙන නැති බවය. 


පවතින කොවිඩ් තත්වය ඉහළ මට්ටමක පවතින බව තමන් පිළිගන්නා බවත් එය හමුවේ දිවයිනේ සියලු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන බවත්
ලබන සඳුදා (26)   අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු කීය.

සති අන්තය ඇතුළත පවතින කොවිඩ් තත්වය සැළකිල්ලට ගෙන පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණයකට පැමිණීමට ඒ අනුව කාල වේලා පවතින බවද හෙතෙම සදහන් කළේය.