පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගත් බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
කෙසේ වෙතත් රජයේ අමාතයංශ යටතේ පවතින ජාතික පාසල් වලට මෙම තීරණය අදාළ නැති නිසා ඒවා විවෘතව පවතී.