lal-kantha-speaks

අද වන විට දේශපාලනඥයන්ටත් වඩා කුණුවූ නිලධාරි පන්තියක් මෙරට සිටින බවත්, රටේ ආයතන පද්ධතියද කුණුවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ 50වනි අප්‍රේල් විරු සමරු ගම්පහ දිස්ත්‍රික් සැමරුම් ප්‍රධාන දේශනය කරමින් ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. මෙම සැමරුම 05දා "සදා සමරමු සොහොයුරෝ" යන මැයෙන් ගම්පහ, ඉඹුල්ගොඩ ලක්නාරා උත්සව ශාලාවේදී පැවති අතර සැමරුම ආරම්භයේ 71 අරගලයේදී දිවිපිදුවත් සිහිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරෙත්, කේ.ඩී. ලාල්කාන්ත. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්වන මහින්ද ජයසිංහ සහ අශෝක රන්වල යන මහත්වරුන් විසින් විරු ස්මාරකයට පහන් දල්වා පුෂ්පෝහාර පුද කළහ.මෙහි විශේෂත්වයක් වූයේ 71 අරගලයට සම්බන්ධවූ යූ.ඒ. නන්දශිලී මහත්මිය ඇතුළු 70 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටීමය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා, "අප පක්ෂයට පළමුවැන්න වන විනය අදටත් පවතිනවා. කැපවීම, ආත්ම විශ්වාසය, නොපසුබට වීර්ය. මේ සියල්ල තිබුණත් අපි 3%ට පසුබැස තිබෙනවා. දැන් ලක්ෂ හැට නවයක් ගත්ත අයට මොකද වෙලා තියෙන්නේ. දැන් දිනපතා මොනවද ඇහෙන්නෙ.යුද්ධය කළාලු. පොල් තෙල් ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැහැ. යුද්ධය කළයි කියන්නෙ බොරු. ටයි එකක් දාගෙන කාමරයකට වෙලා ඉදල තියන්න. කිසි සැකයක් නැහැ, වෙනත් කට්ටියක් තමයි ඒ යුධය කරල තියෙන්නෙ.අපි 88, 89ට ගියොත්න්නම් 71 නැත්නම් ඒ එක්වත් නැහැ. 88, 89ට ආවොත් ශිෂ්‍ය ව්‍යාපාරය තිබුණා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයට අනෙක් අය වෙනුවෙනුත් සවිධානය වෙන්න වුණා. එය ශිෂ්‍ය ව්‍යාපාරයට කඩාවැටීමට විශාල වශයෙන්බලපෑව කමිකරු ව්‍යාපාරයේ ලොකුම කොටස අපි. ගොවි සංවිධාන, සංවිධානය කරමින් අරගල කරමින් සිටිනවා. මේ වෙනකොට ගල්ගමුව, මැදවච්චිය මහියංගණය අරගල කරමින් සිටිනවා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් අපේ නායකත්වය යටතේ  අපිට 71 දී සහෝදර සහෝදරයතන් ආරම්භ කළ යෂ්ටිය අපි ගෙනැවිත් තිබෙනවා. එය අපි ආරක්ෂා කරගතයුතුයි. අපිට ලබාදුන් අත්දැකීම්, පරිණත බව අපි විජේවීර සහෝදරයා සිටියදීත්, සෝමවංශ සහෝදරයා සිටියදීත්, අද අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වය යටතේ ලේකම් ටිල්වන් සිල්වා සහෝදරයාගේ මැදිහත්වීමෙන් ඇතුළු සංවිධානයන් කැපවීමකටයුතු කරනවා. මෙතෙක් කල් අපේ  රටේ බලදී තිබෙන මේ රටේ පවුල් හතරකට. අද මේ රාජපක්ෂ විගඩම.

මේ පවුල්වලට මේ රටේ ජනතාව යටපත්වෙලා, ඇමතිතුමා කියාගෙන පෙළ ගැසී හිටියා. ඊටම පෙළ ගැසී සිටිනව නිලධාරීන්පැලැන්තියකුත්, අද අපේ ආයතන පද්ධතියත් සම්පූර්ණයෙන්ම කුණු වෙලයි තිබෙන්නේ.දේශපාලන තට්ටුවවිතරක් නෙවෙයි. ඒ දේශපාලන තට්ටුව එක්ක සහ මේ ප්‍රභූ පැලැන්තියත් එක්ක බැදිව්ච, ප්‍රජාතන්ත්‍රවාදි ආයතන පද්ධතියත් කුණු වෙලයි තියෙන්නෙ. පොල් තෙල් ප්‍රශ්නයෙදි ඒක තේරෙනව. කොමිෂන් වලින් ඒක තේරෙනවා. සමහර විට දේශපාලනඥයින්ටත් වඩා මේ නිලධාරින් කුණු වෙලයි තිබෙන්නෙ. දැන් අපිට තිබුනෙ සන්නද්ධ අරංගලයක් නොවයි. එදා මෙදා තුර සන්නද්ධ අරගලයක් අපි ජයග්‍රහණය කරල නැහැ. තිබුණු සමාජවාදී රටවල් කිහිපයකුත් බිදවැටිලයි තිබෙන්නේ. මේ නිසා අපිට තිබෙනව බහුජන අරගලයක්. බහුජන අරගලයට නායකයන් පිරිසක් අවශ්‍යයි. අපිට ගමත් එක්ක විශේෂයෙන්ම අපේ පන්තිය සමග එක්වීම කළ යුතුයි.කොට්ඨාස නායකයන් ඇතිකරගත යුතුයි. සන්නද්ධ අරගලයට ඒතරම් නායකයන් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යයි ජනතා ආධිපත්‍ය සහිත පුද්ගල නිදහස, මානව හිමිකම් ඕනෙ. සමානාත්මතාවයත් ඕනෙ. ජනතාධිපත්‍යයත් ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික තලයට ගෙන ආ යුතුයි. මේ සදභාවක්‍ර බදු අඩු කර සෘජු බදු වැඩි කළ යුතුයි. වැඩ කරන සහ වැඩ කරපු ජනතාවටත් ගෙවීම් කළ යුතුයි. ගොවියාට මිලක් ඇති කළ යුතුයි. ආයතන පද්ධතිය සහ පාර්ලිමේන්තුවට රැඩිකල් කළ යුතුයි. අද වනවීට ආයතන විනාශ කර අවසන්. මේ විප්ලවය අපි කළ යුතුයි. මේ සියල්ල සදහා මොඩලය සන්නද්ධ අරගලය නොවෙයි.” යැයි පවසා සිටියේය. මෙහිදී හිටපු පළාත්සභා මන්ත්‍රීන් වන මහින්ද ජයසිංහ මහතා සහ යු.ඒ. නන්දශීලී මහත්මියද අදහස් දැක්වූහ.

 (ගම්පහ - තිලකරත්න දිසානායක)