lalith-ethulathmudali-school

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයේ සිසුවකුට කොරෝනා ආසාදිත යැයි සනාථ වීම හේතුවෙන් එම පන්තිය වසා දැමීමටත් සිසුන් සහ ගුරුවරිය නිරෝධායනය සහා යොමු කිරීමටත් කටයුතු කළ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලය පවසයි.  

ඒ අනුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් විසි දෙනකු සහ අදාළ පන්තියේ ගුරුවරිය ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව ද සෞඛ්‍ය අංශ පැවසීය. කොරෝනා ආසාදිත යැයි හඳුනා ගත් සිසුවා ඉකුත් දිනෙක හදිසි අනතුරකට ලක්වීමෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසීය.

මේ වන විට අදාල පන්ති කාමරය සහ පාසලේ අනිකුත් පන්ති ද විෂබීජානුහරණයට ලක් කර ඇති අතර ඉදිරි දිනවල දී නිරෝධායනය සඳහා යොමු කළ සිසුන් සඳහා පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ පැවසීය.


-රේඛා තරංගනී ෆොන්සේකා-