වෙළඳපොලේ  කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩර සම්බන්ධ ලිට්රෝ සමාගම හා ලාෆ්ස් සමාගම තරගකාරී ලෙස මිල ගණන් ඉදිරිපත් කරන පසුබිමක රජය මගින් ගෑස් මිල ඉහළයාම ගැන පොදුවේ කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය 




‘ගෘහස්ථ සාමාන්‍ය ගෑස්‘ සිලින්ඩරය ලෙස හදුන්වන පසුබිමක ලිට්රෝ ලීටර් 18 සිලින්ඩරයක් වෙළෙදපොළට හදුන්වාදී තිබීම පසුගියදා කථාබහට ලක් විය.
මෙහිදී ලීටර් කිලෝ ග්‍රැම් පටලවාගන්නා පාරිභෝගිකයන්ගේ වාසිය ඔවුන් ලබාගන්නා අතරම වෙනදා සිලින්ඩරේ මිලට වඩා මිල ටිකක් අඩුවෙන් පැවතීම නිසා පාරිභෝගික ආකර්ෂණය වැඩි විය.
වෙළෙදපොළ පාරිභෝගිකයින් රවටමින් සම්මතයට පිටුපා ලීටර වලින් ධාරිතාව සදහන් කරමින් හා සාමාන්‍ය ගැස් සිලින්ඩර විකුණන්නට අවසරදී ඇති ක්‍රමයට පටහැනිව යමින් මෙම සිලින්ඩර ඉදිරිපත් කිරීම නිසා පාරිභෝගික අධිකාරිය වෙත ඒගැන පැමිණිලි ඉදිරිපත් විය.


පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට ඔවුන් කළ විමර්ශනයේදී අවබෝධවූ අතර ලීටර් 18ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය මත එම ගෑස් සිලින්ඩර ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය අදාළ සමාගමට අද දැනුම් දී ඇත. ඒ සමගම එම සිලින්ඩරයේ නියම බර සටහන් කර නැවත වෙළෙදපොළට ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇත.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඇතුළත් විය යුතු ලීටර් ප්‍රමාණය 25ක් පමණ වන අතර, නව සිලින්ඩරයෙහි ඇත්තේ ලීටර් 18ක් පමණි.
නිසි ආකාරයට කිරා බැලීමේදී නව ලිට්රෝ සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9.18 ක් වනු ඇත.