
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට පසුගිය 13 වනදා උදෑසන ම නෑගම් පැමිණියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මන්ත්‍රී පිරිස ඉතා සුහද ලෙස පිළිගන්නා ලදි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සැමට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිස මෙලෙස පැමිණ බුලත් අත් පිළිගන්වා වැඳ නමස්කාර කරන ලදි.
නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහද කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා, මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය.
රාජ්‍ය අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments
Post a Comment
Your comment will be visible after approval