maradana-cctv

මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට පොලිසියේ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
මෙම පහරදීමට හේතුවී ඇත්තේ 16 හැවිරිදි තරුණයෙකු පසුගිය දිනෙක මේ කියන ත්‍රීරෝද රියේ හැපීමෙන් පසු 

ඇතිවූ බහින්බස්වීමකි.

පසුගිය 10 වනදා සිදුවූ මෙම සිදුවීමේදී ත්‍රීරෝද රියදුරු තමා අත වරදක් නැති බව කීවත් තරුණයා එය පිළිගෙන නැති අතර තරුණයා තමන්ගේ පිරිස යොදවා ගස්වන බවට තර්ජනය කර තිබී ඇත. මේ අතරවාරයේ
ත්‍රිරෝද රථය මරදාන - මොහිදින් මස්ජීඩ් මාවතට පැමිණි අවස්ථාවක එය පැමිණෙනතුරු ඔත්තු බලමින් සිටි අයෙකු පිරිසකට දන්වා සිටීමෙන් අනතුරුව ත්‍රී රෝද රියදුරුට පහරදීමට පොලු මුගුරු රැගත් විශාල කණ්ඩායමක් පැමිණ රියදුරුට  අමානුෂික පහරදීමක් සිදු කර තිබේ. මෙම පහරදීමෙන් පසු රියදුරු රෝහල් ගත කර තිබෙන අතර ඔහුට පහරදීම සිදු කළ ස්ථානයේ සීසීටීවී දර්ශන මගින් පහරදීම සිදු කළ අය ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිස ත්‍රිරෝද රථ රියදුරුට අනුකම්පා විරහිත ලෙස පහරදෙන අයුරු වීඩියෝ දර්ශන වලින් දැක්වේ.
 යකඩ පොලු හා කඩුවලින් ප්‍රහාරය සිදුවන අතරතුර ත්‍රීරෝද රථ රියදුරු තම ජීවිතය බේරාගැනීම සදහා පළා යන අයුරුද
එහි‍ දැක්වේ.22 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසා ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කළේය.
සීසීටීවී දර්ශන පහතින්