
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයකු පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවද ජනමාධ්‍ය වාර්තා සහ සෙසු වාර්තා පදනම් කරගෙන පරික්‍ෂණය ආරම්භ කරන බව ඇලි ද සිල්වා මහතා පැවසීය. සිංහල සහ දමිල අලුත් අවුරුදු සමයේ මාතර, වැලිගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති සාදයකදී සහභාගි වී සිටි තරුණියකට අතවර කිරීමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව මෙම පරික්‍ෂණ සිදු කෙරේ.
මෙම ක්‍රීඩකයාට මීට පෙර ද මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයකින් පසුව තහනමක් පැනවීය. වැලිගම සහ මාතර යන පොලිස් ස්ථානවලට මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එවැනි සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval