
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු ක්‍රීඩක 49 හැවිරිදි මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ක්‍රීයාකරමින් සිටින අතරවාරයේ ඊයේ හදිසි හෘද රෝගයකට ගොදුරු විය.
ඒ අනුව ඔහුව ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළු කරන ලද අතර වෛද්‍ය පරික්ෂාවෙන් පසු ඔහුට රුධිර නාලිකාවක තිබූ අවහිරතාවයක් සුවකිරීම පිණිස ස්ටෙන්ට් සැත්කමක් සිදු කරන්නට නිර්දේශ විය. ඒ අනුව පැය කිහිපයකට පසු හෘද සැත්කම සිදු කරන ලදි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහුට සැත්කම සාර්ථක බවත් ඔහු සුවදායි තත්වයෙන් වැඩිදුර විවේක ගැනීම සිදු කරන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval