“මම දන් නෑ. ඒත්, ඒ මුස්ලිම් අයට ළංවන්න ඕන නිසා මං දෙමළ සින්දු කටපාඩම් කරගෙන ගිහින් ගායනා කරලා එයාලගෙ රසඥතාව හඳුනගත්තා.' මාස දෙකක් වැනි කෙටීකාලයකදී පෙරදිග සංගීතයේ ස්වර සප්තකය වත් නොදන්නා, මුස්ලිම් සිසුවියන් සඳහා තුර්යවාදක කණ්ඩායමක් නිර්මාණය කළ අපූරු සිංහල ගුරුතුමියෙක් එලෙස අප සමග කීවාය. ගෙවුණු වසර දෙකෙහිදී පාස්කු ප්‍රහාරය සහ කොවිච් වසංගත තත්ත්වය මනුෂ්‍ය සමාජයේ වෙනස්කම් විශාල වශයෙන් සිදු වූ කාල පරිච්ඡේදයකි.
මෙම ගැටලු දෙක පදනම් කරගෙන ඒ ඒ පුද්ගලයන් විවිධාකාරයෙන් එයට මුහුණ දුන්නා පමණක් නොව ඇතැම් අය සමාජයට සාධාරණයක් කරන්නට උත්සාහ කළහ. එකිනෙකා අතර ගනුදෙනු කිරිම්වල, ආහාරපානවල ඇතුළු බොහෝ දේ හි විශ්වාසය පලුදු වීම මෙම තත්වයන් දෙකෙහිදීම සිදුවිය. මිනිසුන් අතර ඇති සබඳතාවය විශ්වාසය පදනම් කරගෙන දුරස්වීම සහ ළංවීම පිළිබදව අවබෝධ කරගෙන, මිනිසුන් අතර විශ්වාසය ගොඩ නගන්නට උත්සාහ කළ අපූරු ගුරුවරියක් අප හඳුනා ගනු ලැබුවේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයෙනි.
කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ පෙරදිග සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කරන ඉන්දු සමරකෝන් මහත්මිය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මුස්ලිම් ගැහැනු දරුවන්ට පෙරදිග සංගීතය උගන්වා තුර්යවාදන කණ්ඩායමක් නිර්මාණය කරන්නට පාස්කු ප්‍රහාරයෙන් පසුව පෙලඹීම සහ සමත් වීම පිළිබඳව කතාබහට ලක්විය. සංගීතය විශ්ව භාෂාවක් ලෙස සලකමින් එකිනෙකා අතර සබඳතාවයක් ගොඩනගන්නට ඇය පොල්ගහවෙල අල් ආක්ෂ මුස්ලිම් විද්‍යාලයේ අවුරුදු 14 ට වැඩි ගැහැනු දරුවන් තෝරාගනු ලැබුවාය. පෙරදිග සංගීතයේ ස්වර හතක් තිබෙන බවවත් නොදන්නා දරුවන්ට ස්වර හත කියා දී දේශාභිමානී ගීත වාදනය කරන ආකාරය ඉගැන්වීමට ඇයට ගතවූයේ මාස එකහමාරක්
වැනි කෙටි කාලයකි. ඒ කාලය තුළදීත් ඇය පාසල් ගොස් හවස් යාමයේ පැය කිහිපයක් එම දරුවන් සඳහා කාලය වෙන් කළාය. ඒ වෙනුවෙන් ඇය කළ කැප කිරීම ඉතාමත් අපූරුය. “අපේ ප්‍රදේශයේ ශිෆා කියලා මුස්ලිම් ආයුර්වේද
වෛද්‍යවරියක් එහා හරහා තමයි මම අල් අක්කා විද්‍යාලයට සම්බන්ධ වෙනේ ඉස්කෝලෙන් ලැබෙන ආරාධනාවකට. ඒ දරුවන්ට සංගීතය ඉගැන්වීමේ අවශ්‍යතාව විද්‍යාලයට තිබුණු නිසා මීට පෙර ගුරුවරු කීප දෙනෙකුටම කතා කරලා තිබුණා. ඒ අය විශාල මුදලක් ඉල්ලු බව මට දැනගන්න ලැබුණා. නමුත් මං මේකට කැමති වුණේ මුදලට නෙමෙයි මම කිසිම මුදලක්
ලබා නොගෙන, මගේ ඉස්කෝලේ වේලාවෙන් පස්සේ සවස් කාලයේදී මේ දරුවන්ට සංගීතය උගන්වන්න යොදාගත්තා. මං ගියපු මුල්ම දවසේ ඒ දරුවන් මගේ ළඟට ආවේ නෑ.
ඊළග දවසේ යනකොට මං දෙමළ සින්දුවක් පාඩම් කරගෙන ගියා. ඒ විදියට නිරන්තරයෙන්ම දෙමළ සින්දු පාඩම් කරමින් ඒ අය ඉදිරියේ ගායනා කරා. ඒ ගැහැනු ළමයින්ගේ රසඥතාවය මොකක්ද කියලා මං හඳුන ගත්තා.
එයාලටත් හොඳට සිංහල ගීත ගායනා කරන්න පුළුවන්. දරුවන්ට ගොඩක් කිට්ටු වුණාමයි මම ඒක දැනගත්තෙ. අන්තිමේදී එයාලා මාත් එක්ක ගොඩක් යාලුවුණා. අදටත් ඒ අය මා එක්කත් මම ඒ අය අය. එකෙත් තියෙන්නේ ලොකු
බැඳීමක්.
මේක මම ගුරු ජීවිතයේ ලබපු ලොකු අත්දැකීමක්. මම දන විදිහට දැනට මුස්ලිම් ගැහැනු ළමයි පමණක් ඉන්න පෙරදිග තූර්යවාදන කණ්ඩායම් නැහැ. නමුත් මම ඒක ඉතාමත් අසීරුවෙන් ඒ අයට පුරුදු පුහුණු කළා. ඒ අය ඉතාමත් ආසාවෙන් ඒක ඉගෙන ගත්තා. ඒ සඳහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දරුවන්ගේ මව්පියන් විශාල කැපකිරීමක් කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දැරිවියගේ අම්මලා ලොකු සහයෝගයක් දුන්නා. ඒ කියන්නේ නිරන්තරයෙන් පුහුණුවීම් වලට එකතු කරගෙන ආවා. මොකද මම ඒ අයට කීව කවුරුවත් තනියම ගෙදර පුහුණු වෙන්න එපා මා එක්ක පුහුණු විය යුතුයි කියලා. ඒ නිසා මුල සිට අවසානය දක්වාම සෑම ළමයෙක්ම මා එක්ක එක්ව වැඩ කළා. සංගීත විෂයට ආදරය තියෙන ආදරය ඇල්ම නිසයි මම තවත් දරුවන් පිරිසකට මේක නොමිලේ කළේ නමුත් මංහිතුවේ නෑ මා කළ
මේ කැප කිරීමට 2020 වසරේදී වනිතාභිමාන සම්මාන හිමි වෙයි කියලා. මම ජයග්‍රහණය හිමිකර ගත්තේ අධ්‍යාපන අංශයෙන්. වදාකඩ හිරිපත්ගම දුෂ්කර ප්‍රදේශයක උපත ලබලා ලිහිණිගිරිය කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා පොතුහැර මහපිටිය විද්‍යාලයෙන් උසස්පෙළ හදාරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශේෂවේදී උපාධියක් ලැබූ නිසයි මෙවන් සත්කාරයක් මට කරන්න පුළුවන් වුණේ. එහිදී මගේ දෙමව්පියන් ඇතුළු ගොඩක් දෙනෙක් මට උදව් කළා.
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මිනිස්සු ගොඩක් මුස්ලිම් කඩවලට ගියේ නෑ. ගොඩක් අය බයෙන් ජීවත් වුණා. මුස්ලිම් සමාජය දිහා බැලුවෙත් වැරදි විදිහට.
අපි සමාජයේ එකට ජීවත්වන මිනිස්සු පාස්ට් කීපයකට කෑලි විසිරිලා ගියා. අපි එකනෙකාට සමාජය වෙනුවෙන් කරන්න මෙහෙවරක් තියෙනවා. මම හිතුවේ මගේ විෂය සංගීතයෙන් බොහෝ දේ එකතු කරන්නේ පාලමක් හදන්න පුළුවන් කියලයි. මම කළේ ඒක ජන කොට්ඨාසයක එක පාසලක ළමයි පිරිසක් අතරට ගිහින් ඔවුන්ගේ රසඥතාව ඇතිකරපු එක විතරයි. නමුත් මං දන්නවා රසඥතාවය තුළින් සමාජයට ආදරය කරන පිරිසක් බිහිවෙන බව.
ඒ කාල සීමාවේ මේ දරුවන්ට ඉගැන්වීමට යාම පිළිබඳව ලොකු අභියෝගයක් තිබුණා. නමුත් මං ඒ අභියෝගයට මුහුණ දුන්නා. මං විතරක් නෙවෙයි ඒ දරුවනුත් ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. නොදන්න විෂයයක් ඉතාමත් ආසාවෙන් ඉගෙනගෙන තූර්ය වාදන කණ්ඩායමේ සංදර්ශනයක් පැවැත්වූවා. ගුරුවරියක ලෙසින් නෙවෙයි, පුද්ගලයෙකු වශයෙන් සමාජයට යමක් කරන්න ලැබීම ලොකු වරප්‍රසාදයක් කියලා හිතනවා ඇය කීවාය.
සටහන හා සේයා - චාන්දනී දිසානායක
0 Comments