උතුරු යුරෝපයට අයත් ව.සැතපුම් 148,729 විශාලත්වයකින් යුත් නෝර්වේ රාජ්‍යයේ
ජනගහනය මිලියන 4.8ක් වේ. බටහිර දෙසිත් උතුරු මුහුදත්, නැගෙනහිරින් ස්වීඩනයත්, දකුණින් ඩෙන්මාර්ක පටු මුහුදු තීරයත් මායිම් වී ඇති නෝර්වේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආර්ථික අතීන් වර්ධනය විය.

එහි සුබසාධක ආර්ථිකයක් පවතින අතර සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණ පද්ධතියක් ද ක්‍රියාත්මක වෙයි. 2001 සිට 2007 දක්වාත් වර්ෂ 2009 මානව සංවර්ධනය අතින් ඉහළ යන රට ලෙස හඳුනාගෙන ඇත. ලොව සතුටින්ම සිටින රාජ්‍යයන් දහය අතුරෙන් දෙවැනි ස්ථානයේ සිටින මේ නෝර්වේ රාජ්‍යය වර්තමානයේ ප්‍රබල තත්වයකට රැගෙන ආ දේශපාලන නායකත්වයේ නියමුවරිය වන්නේ වසර අටක් තිස්සේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන එනා සෝල්බත්ය.

නෝර්වේ රාජ්‍යයේ යකඩ ගැහැනිය ලෙසින් විරුදාවලිය ලත් ඇය පසුගියදා අකරතැබ්බයකට මුහුණ පෑවේ නොසිතූ ලෙසකිනි. ඒ නෝර්වේ පොලිසිය එරට අග්‍රාමාත්‍ය එ සොල්බර්ග් මහත්මියට ඩොලර් 2352 ක දඩ මුදලක් නියම කිරීමේ සිද්ධියක් නිසාවෙනි. විදෙස් මාධ්‍ය වාර්ත කරන පරිදි අගමැතිනියට එල්ල වූ චෝදනාව වූයේ සිය පවුලේ සාමාජිකයින් ද ඒකරාශි කර ගනිමින් සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් උපන්දින සාදයක් පැවැත්වීමයි.
නෝර්වේ පොලිස් ප්‍රධානි ඔලේ සේරු පවසන්නේ අග්‍රාමාත්‍යවරිය 10 දෙනෙකුට වැඩි පුද්ගල ඒකරාශි කිරීම් තහනම් කර තිබූ පසුබිමකදී පසුගිය පෙබරවාරි මාසයේ පවුලේ සාමාජිකයින් 13 දෙනෙකු ද සමග උත්සව ශාලාවක් තුළදී සිය 60 වැනි උපන් දිනය සමරා ඇති බවයි. කෙසේ වෙතත් ඇය තමා කළ වරද සම්බන්ධයෙන් පසුගියදා ජනතාවගෙන් සමාව ද අයැද සිටියාය. අගමැතිනියට නියම කළ දඩය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පැවසුවේ, සාදය සංවිධානය කිරීම සඳහා සහාය
දුන් අග්‍රාමාත්‍යවරියගේ සැමියා මෙන්ම උපන්දින සාදය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකරුවන් ද නිරෝධායන නීති උල්ලංඝණය කර ඇති බවයි. කෙසේ වෙතත් එම දෙපාර්ශ්වයට දඩ නියම කිරීමක් කර නොමැති බැව් කියැවේ. මෙම සේරූඩ් අගමැතිනියට දඩ නියම කිරීම සාධාරණීකරණය කරමින් පැවසුවේ මෙලෙස නීති කඩ කර ඇත්තේ සාමාන්‍ය අයෙකු නොව රටේ ප්‍රධානියා මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමා බලගැන්වූ බලධාරින් අතර ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ තැනැත්තියක්
බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරියට නියම වූ මෙම දඩය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.


මේ අතර අග්‍රාමාත්‍යවරියගේ මෙම ක්‍රියාකලාපය වාර්තා වූයේ කොරෝනා මර්දන නීති නිසි ලෙස අනුගමනය කිරීම හමුවේ යුරෝපා කලාපයේ අවම ආසාදිතයින් සහ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් එකක් ලෙස නෝට්ටේ රාජ්‍යය ඉතිහාස පොතට යන නිසාවෙනි. කොවිච් 19 නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ තහංචි පනවා තිබියදී ඒ ගැන කිසිදු තැකීමක් නොකර සිය උපන් දිනය සමරමින් සාදයක් පැවැත්වීම එරට විපක්ෂ දේශපාලන නියෝජිතයෝ හෙළා දුටුවහ. නෝර්වේ සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට අනුව, කොරෝනා වාජිය න්තවන් පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රැස් නොවිය යුතු අතර සැමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු වෙයි. “නීතිය කාටත් පොදුයි. අගමැතිනිය කියා විශේෂත්වයක් නැහැ. වරදක් කළා නම් දඩුවම් ලැබිය යුතුයි.” යැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
කොවිඩ්-19 නව කොරෝනා වෛරස පාලනය හමුවේ නෝවේ පොලිසිය එරට අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයෙන් පෙනී යන්නේ යුරෝපා රටවල් හා පොලිස් බලධාරීන්
දේශපාලනයට යට නොවන ආකාරයයි. ඒ නිසා “නෝර්වේ හි එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ යන පසුගාමී මානසිකත්වය
මෙරටින් තුරන් කරන තෙක් ලංකාවේ ද එනා වැනි දේශපාලනඥයින් නීතිය ඉදිරියේ දණ නොගසන බව සහතික විය හැක.

(ගාඩියන් සහ රොයිටර් පුවන්සේවා ඇසුරෙනි.
සටහන -තිළිණි ද සිල්වා)