නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ සේවකයන් වෙනුවෙන් පවත්වන ලද අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ අවධානය යොමු ව තිබේ.
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නොතකමින් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පවත්වා ඇති එම අවුරුදු උත්සවයේදී මහ නගර සභාවේ සේවකයින් හට දිවා ආහාරය සහ මත්පැන් ද ලබා දී ඇති බවට තමාවෙත තොරතුරු ලැබී ඇති බවත් , මෙම උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමා වෙත කරුණු වාර්තා කරන ලෙස මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවත් එම පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග වල යොමු වන බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටී.
0 Comments