පස්ගොඩ සෞඛ්‍ය මධස්ථානයේ ළමා හා මාතෘ සායනයට තම දරුවාට එන්නත් කර ගැනීම සඳහා පැමිණි මවකගේ ස්වාමි පුරුෂයා භාර්යාව නිවසට යාම ප්‍රමාද වීම නිසා සායනයට පැමිණ භාර්යාවට පරුෂ වචනයෙන් බැණ පහරදීමට උත්සාහ කර ඇත. එම ස්ථානයේ සායනය පැවැත් වූ පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්.කේ.බන්දුතිලක් (54)ටද ඔහු පරුෂ වචනයෙන් බැණ පහර දීමට උත්සාහ කර ඇත.
එම පහරදීම වැළැක්වීමට එම ස්ථානයේ සිටි අයකු මැදිහත් වී ඇති අතර ඒ අවස්ථාවේ ඔහුට ද පහරදී ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පස්ගොඩ පොතුහැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරිගේ චාමර (32) යන අයයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පහරදීමට උත්සාහ කිරීම සහ එම පහරදීම වැළැක්වීමට මැදිහත් වූ පුද්ගලයකුට පහරදුන් පුද්ගලයකු රොටුඹ පොලිසිය විසින් පෙරේදා (28දා) දින දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්ගොඩ, පහළවත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය පැවැසීය.
ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බැවින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා සැකකරු ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි ඩී.ජේ.කේ.කේ. ඒකනායක වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරු බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ.
ජයන්ත ගුණවර්ධන - ඌරුබොක්ක
0 Comments