port-city-on-court

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත අභියෝගයට
ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින්
ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

එම පෙත්සම මගින් ඔහු අධිකරණයට දන්වා ඇත්තේ, අදාළ විශේෂ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ
ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට තර්ජනයක් වන බවය.



ඒ හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට
නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

වරාය නගරය තුළ ඇති ඉඩම් පැවරීම, එම ඉඩම් විකිණීමේ හා බදු දීමේ බලය අදාළ පනත් කෙටුම්පත
මගින් වෙනත් පාර්ශ්වයකට හිමි කර දීම පමණක් නොව වරාය නගරය තුළ සේවය කරන අයගේ වීසා අනුමත
කිරීමේ බලය ද වෙනත් පාර්ශ්වයකට හිමි කර දී ඇති බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු
කර තිබේ.

මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම පෙත්සම මගින් අවධාරණය කර ඇත්තේ, පාර්ලිමේන්තුව සතු රටේ මුදල් පරිපාලනය කිරීමේ බලය
වෙනත් පාර්ශ්වයකට ලබා දීම මෙන් ම විශේෂ බදු සහන වරප්‍රසාද හිමි කර දීම රටේ ආර්ථිකයට පමණක්
නොව ජාතික ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් බවටය.

හංසි නානායක්කාර සහ කුමුදු ජයවර්ධන