postaldrugs-nabbed

රුපියල් ලක්‍ෂ 70 කට අධික වෙළඳපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.   

ඇමරිකාව, එංගලන්තය සහ ජර්මනියේ සිට කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාසල් අංශයට එවන ලද පාසල් පහක තිබී  රුපියල් ලක්‍ෂ 40 ක් පමණ වටිනා කුෂ් ගංජා ග්‍රෑම් 278 ක් සහ ලක්ෂ 30ක් වටිනා  මෙතම්පෙතටයින් මත්ද්‍රව්‍ය අඩංගු එක්ටසී වර්ගයේ මත්පෙති 400 ක් මෙහිදී සොයාගෙන තිබේ.  


අහංගම, වේරහැර, හෝමාගම සහ මහනුවර යන ප්‍රදේශවල පුද්ගලයන් පස්දෙනකුට මෙම පාසල් එවා තිබේ.  මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන  සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර බරදීමට නියමිත බව රේගුව පවසයි.


 -යොහාන් භාසුර -