වර්තමානයේ පැතිරෙමින් පවතින කොරෝනා රෝගය මීට පෙර පහළ කළ ලක්ෂණ වලට වඩා වෙනස් ලෙස හදුනාගත යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
දැනට අතිශය භයානක කොරෝනා වෛරසයක් පැතිරෙන බව කියන ඔහු තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයකින් තමන්ටම කොරෝනා තත්ත්වය සැක සහිත ලක්ෂණ හදුනාගත හැකි බවත් නිසියාකාරව නිගමනය පිණිස හැකි ඉක්මනින් රෝහල් ගතවීම ට යොමු විය යුතු බවත් අවධාරණය කරයි.
ඔහු මෙසේ ඒ ගැන විස්තර කරයි.
- ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්.
- ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගිණිය නොහැකි නම් හෝ
- ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
- වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්
ඔබ කොවිඩ් පරීක්ෂණ හෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවිය යුතුයි.
මෙම නව වෛරසය ප්‍රභේදය රෝගලක්ෂණ නොපෙන්වා පෙනහළු ආසාදනය කරන බැවින් මෙම ස්වයං පරීක්ෂණ ඔස්සේ එම තත්ත්වය වටහා ගැනීමට රුකුලකි.
0 Comments