
ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හින්දෙණිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ විශේෂඥ වෛද්‍ය මිල්රොයි නානායක්කාර මහතා ඊයේ (22) එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. මියයන විට 83 වන වියෙහි පසුවූ නානායක්කාර මහතා දෙදරු පියකු වේ. ඔහුගේ දියණිය වන පූර්ණමීද සිල්වා සහ පුත් අනූපම නානායක්කාර වෛද්‍යවරු ලෙස ලන්ඩනයේ සේවය කරති.
මියගිය වෛද්‍ය මිල්රෝයි නානායක්කාර ට මුණුපුරු මිණිපිරියන් හයක් සිටී.
නානායක්කාර මහතා සහ පුණ්‍යා හීන්දෙණිය මහත්මිය වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටියේ එංගලන්තයේ වැට්ෆේර්ඩ් නගරයේය.
හීන්දෙනිය මහත්මිය හා වෛද්‍ය මිල්රොයි නානායක්කාර මීට මාස 5 කට පෙර කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මුල් ලාංකික පිරිස අතරට එක්වූ බවටද සමාජ මාධ්‍ය තුළ වාර්තා විය.
කොරෝනා එන්නත මුල්වටයේදීම විදගන්නට හැකිවූ බවට ඇය ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් දන්වා තිබුනි.
ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවකද සේවය කර ඇති වෛද්‍ය මිල්රෝයි නානායක්කාර මහතා ඉන්පසු සැම්බියාවේ රෝහලක සේවය කළ අතර ඔහු එහිදී සිදුකළ සැත්කම් හේතුවෙන් ජනතාව අතර ද ප්‍රසිද්ධියට පත්විය. ඉන්පසු එංගලන්තයට ගිය ඔහු එහිද රෝහල් කිහිපයක සේවය කර ඇත. වෛද්‍ය මිල්රෝයි නානායක්කාර මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. මිල්රෝයි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.
Comments
Post a Comment
Your comment will be visible after approval