pushpika-de-silva-recrowned

පසුගියදා විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධ ගැටලුවකට මැදිවූ පුෂ්පිකා ද සිල්වාට අද දිනයේ දී පැවති මාධ්‍ය හමුවක දී තරග සංවිධායකයින් විසින් යළි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුණි.
මෙම අවස්ථාවට චන්දිමාල් ජයසිංහ ආ නමුත් කැරොලයින් ජූරි පැමිණ නොතිබිණි.



විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබන බවත් වැරදි කරපු සියලු දෙනාටම සමාව දෙන බවත් කිරුළ උරුම කරගත් පුෂ්පිකා දන්වා සිටියාය.
”දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට”
ඇය කියා සිටියාය. එසේම තමන්ට තවම දික්කසාදය ලැබී නැති නිසා සුදුසුකම් ඇති නමුත් දික්කසාද ගැහැණියකගේ අයිතිවාසිකම් අවතක්සේරු කරන මෙම තරගාවලියේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් තමා තනිව නැගී සිටින බවද
මෙම අත්දැකීම නිසා තමන්ට එම අසාධාරණය තදින් දැනුණ බවද ඇය කියා සිටියාය.
එමෙන්ම ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් නැත්තේද නැති බව ඇය කියා සිටියාය.