pushpika-de-silva-speaks

ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් පසුගියදා පැවැත්වූ අවසන් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ පසු එම සිදුවීම් මාලාව පිළිබඳව කතා බහ කිරීමට පුෂ්පිකා ද සිල්වා මෙලෙස එක් විය.


කිරුළ ලැබුණු අභිමානය කොහොමද?

සතුටුයි. නමුත් ඒ ගැන කියන්නෙ වචන නැහැ. ඇත්තටම ඒ වෙලාවේ උදව් කරපු ගොඩක් පිරිසක් ඉන්නවා. මුලින්ම මතක් කරන්න ඕනේ රෝසි සේනානායක මැතිනිය. ඇය සෑහෙන්න මට වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී හිටියා. මේ වෙලාවේ ජාති ආගම් කුල පක්ෂ පාට  භේදයකින් තොරව ලංකාවේ ඉන්න සියලු දෙනාම සහ මුළු ලෝකයක් එකතු වුනා මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන්. ඒ අයව මම මුලින්ම මතක් කරත්ත කැමතියි. බොහොම ස්තූතියි ඒ අය මං වෙනුවෙන් හිට ගත්තාට. සමාජ මාධ්‍ය, ප්‍රධාන මාධ්‍ය ඒ වෙනුවෙන් ඉදිරිපත් වූණට ස්තූතියි. ඇත්තටම මට හරීම මහන්සියි. මොකද ඒ පීඩනය දරා ගන්න හරිම අමාරු වුණා. නමුත් දෙවියන් වහන්සේ ඉවසීමේ ශක්තිය  මට දුන්නා ඒ හැමදේම දරා ගන්න ඒ දේවල්වලට මුහුණ දෙන්න. ඒ දේම මට ඇති, ඒ ජයග්‍රහණයම මට ඇති. මම කිරුළට වඩා මගේ ආත්ම ගරුත්වය ගැන හිතන කෙනෙක්. ඉති ඒකත් මගේ ජිවිතයේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා.


මගේ ජීවිතයේ වටින ලොකුම කිරුළ තමයි ඉවසීම කියන දේ. ඉතිං මට දැනෙන්නේ ලෝකයම දිනලා ඉන්නවා  කියන හැගීමයි. මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළටත් වඩා එහා ගියපු, ලෝකයක් දිනපු, ජනතාවගේ ආදරය කරුණාව ඒ හැමදේම දිනා ගත්තා කියන දේ තමයි දැනෙන්නේ. ඒක මට  ලොකු ආශීර්වාදයක් දෙවියන් ෙවහන්සේගෙන් දැනිච්ච.


වෙන අයට ජයග්‍රාහික කිරුළක් ලැබෙන්නේ මේ විදිහට නෙමෙයි. ගරුත්වයට හානියක් වෙලා තමයි කිරුළක් පළදින්න වුණේ?

ඇත්තටම මෙය මම ජීවිතයට හිතුවේ නැහැ සහ බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මට තියා මගේ හතුරෙකුටවත්. මම ඔය වගේ සිද්ධියක් දැකලා තියෙනවා මිස් යුනිවර්ස් පැජන්ට් එකේ. නමුත් මෙච්චර මෙහෙම අශීලාචාර විදිහට නෙමයි ඒ දෙය වුණේ. ගොඩක් දෙනෙක් තවත් ගැහැනු කෙනෙක්ට මෙහෙම කරන විදිහක් ඇත්තටම දැක්කා කියලා ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වලා තිබුණා. මෙය අපේ බියුටි පැජන්ට් එකකට වඩා ගොඩක් බලපාන්නේ  ලංකාව කියන අපේ රටේ කීර්තියටයි. ලංකාවේ මිනිස්සු මෙහෙමද,ඒ අයගේ බුද්ධි මට්ටම මෙහමද කියලයි ගොඩක් දෙනා කතා කරන්න. ඉතිං ඒක ඇත්තටම දුක් වෙන්න ඕනේ කාරණාවක්.  අපි එහෙම විය යුතු නැහැ. අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට අපිට වගකීමක්ති යනවා, ආත්ම ගරුත්වයක් තියෙනවා, ඒක ඇත්තටම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි.

හිතා ගන්න බැරි දෙයක් වුණා. පහුවදා උදේ නැගිටිටට පස්සේ තමයි මං දන්නේ මට මොකක්ද වුණේ කියලා. දැනටත් මට  ඒක හීනයක් වගේ. නමුත් ඒ අය කරන නරක ඒ අය ගෙනියයි. මම කරන හොද මම ගෙනි යයි. මම හොද කරපු නිසා, මම හෘද සාක්ෂියට එකගව ජීවත් වුණා සහ තරඟ කරපු නිසා තමයි මට කිරුළ හිමි වුණි. නැත්නම් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය මට ලබෙන්නේ නැහැනේ. ඒක තමයි මම විශ්වාස කරන එකම දේ.




මෙහි ලොකුම ගැටලුව තිබෙන්නේ  ඔබේ මේ දික්කසාදය පිළිබඳව කියන ප්‍රශ්නයයි, ඒ නිසා ඔබ ජාත්‍යන්තරයේදී  තරග කරන අවස්ථාවේදී මේ කාරණාව නැවත මතු වුණාත් මෙහි හානිය ලංකාවේ කීර්තිනාමයට සහ ජාතික අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහට නේද ?

 එහෙම ප්‍රශ්නයක් කොහොමත් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට සම්පූර්ණ විසදුම ලැබිලා තියෙන්නේ. හැමෝම මේ පිළිබඳව හොයන්නේ බලන්නේ නැතුව කිව්වේ මම දික්කසාද වෙච්ච කෙනෙක් කියලා. නමුත් මම දැනටත් විවාහකයි. කාටවත් කියන්න බැහැ මම දික්කසාදයි කියලා. දික්කසාද පත්‍රයක් මගේ අතේ තාම නැහැනේ. මම තව අවුරුද්දකින් හරී දෙකකින් හරී දික්කසාද වුනත් දැනට මම විවාහකයි. මේ රටේ   නීතියට අනුව තමයි අපි වැඩ කරන්නේ. මේ  තරගයට අදාළ සුදුසුකම බලලා තමයි මම  මේ තරගයට සහභාගි වුණේ. ඇත්තටම මට

මොළයක් නැති කෙනෙක් නෙමෙයි නේ, මගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරලා මෙච්චර  මහන්සි වෙලා ටයිටල් 03ක් තියෙන කෙනෙක් විදිහට අවදානමක් ගන්නේ මේ අවුරුදු 10ක ඇතුළත මම හදා ගත්ත ප්‍රතිරූපයට මම හානි කර ගන්න නෙමෙයිනේ. මම හැම තිස්සෙම මගේ ආත්ම ගරුත්වය ගැන හිතන කෙනෙක්. එහෙම කෙනෙක් මේ වගේ අවදානමක් අරගෙන තමන්ගේ තියෙන දේවල් නැති කර ගන්න මේ වගේ තරගයකට එයිද. එච්චරටම මොළයක් නැති කෙනෙක් විදිහට මම වැඩ කරන්නේ නැහැ. ඒක ඕනම කෙනක් දන්නවා. මම මොනා හරි දෙයක් කරනවා නම් හැමදේ ගැනම හොයලා බලලා තමයි මම ඒ හැම දේම කරන්නේ.


මේ කාරණාවේ වැරැද්ද කොතැනද?

මෙතන ඔක්කොටම වඩා තිබුණේ පැහැදිලි රිසියාවක්. මම දන්නේ නැහැ ඒ දනේනා මේ විදිහට හැසිරුනේ කාගේ අනුදැනුම මතද, මේ දෙන්නව මෙහෙය වූයේ කවුද කියලවත්. වේදිකාවේ හැසිරුනේ ක්වීන් කෙනෙක් හැසිරෙන්න ඕන විදිහට නෙමෙයි. අඩුම තරමේ ගැහැනු කෙනෙක් විදිහටවත් නෙමෙයිනේ. ඒහැසිරුණු විදිහෙන් පිරිහෙන්නේ ඒ අය. මම ඒ අයට සමාව දීලා තියෙන්නේ. නමුත් මින් ඉදිරියටවත් ඒ අයට  මේ විදිහට හැසිරෙන්න එපා කියන ඉල්ලීම මම කරනවා. හොයලා බලන්නේ නැතුව ඒ අය මේ විදිහට කටයුතු කළේ. මගේ සැමියත් ප්‍රකාශයක් දීලා තිබුණා මම තාම දික්කසාද නැහැ කියලා. තව දෙයක් නැහැනේ. අදාළ  පාර්ශ්වවලටත් ඒ අවශ්‍ය හැම ලියවිල්ලක්ම  මම දීලා තියනවා. වර්ල්ඩ් පැජන්ට් එකටත්  දිලා තියෙනවා. වර්ලඩ් පැජන්ට් එකට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට ප්‍රශ්නයක් වෙනනත් ඕනේ නැහැනේ..


රටක් විදිහට අපි කතා කරන්න ඕනේ මෙතන තියන වැරදි නෙමෙයි. මේ කෙනා  රට නියෝජනය කරන කරන විදිහට දෙනව්න ඕනේ සහයෝගය මොකක්ද කියන දේ. මේ ප්‍රශ්න විසඳන විදි තියනවා. ඕනම කෙනෙක්ට ආත්ම ගරුත්වයක් තියනවා. අනිත් එක අද කොච්චර දක්ෂතා තියන  කාන්තාවන් දික්කසාද වෙලා කොච්චර ඉන්නවාද, ඒ අයට මොකක්ද තියන අඩුව.  ඇයි ඒ අයව මෙහෙම කොන් කරන්නේ. ඒ ගොල්ලන්ව කොන් කරන්න එපා.  කාත්තාව කියන්නේ ලෝකයට ජිවියක් බිහි කරන කෙනක්. පිරිමි කෙනෙක් වුණත්

ලෝකයට බිහි වෙන්නේ කාන්තාවකගෙන්. ඇය තරුණියක්, යෙහෙළියක්, බිරිදක්, මවක්, මිත්තණියක් මේ හැම භූමිකාවම නියෝජනය කරන කෙනෙක්. එතකොට ඇය විවාහ වුණාට පස්සේ බිරිදක් විදිහට සැමියා  වෙනුවෙත් දරුවා වෙනුවෙන් 365 දවසෙම ඇය මුළු ජීවිතයට පරිත්‍යාග කරනවා.  පෝය, සෙනසුරාදා ඉරිදා නිවාඩු නැතුව  හැමදාම වැඩ කරන කෙනෙක්. අද ලංකාවේ දහදෙනෙක් ගත්තොත් නව දෙනෙක්  දික්කසාද වෙලා. අද විවාහ වෙනවා හෙට දික්කසාද වෙනවා. එහෙම ගියොත් දක්ෂ  හැම කාන්තාවටම විවාහක රූ රැජින තරගයට යන්න බැරි වෙයිනේ. ඒක හරි අසාධාරණයි එහෙම නීතියකුත් තියන එක.



ලෝක විවාහක රූ රැජින තරගය සඳහා මානසිකව සූදානම් වෙන්න පුළුවන්ද?

ඇත්තෙන්ම බොරු කියන්න ඕනේ නැහැ.  දැනටත් හොඳ මානසිකත්වයකින් තමයි මම ඉන්නේ. මට මගේ වෛද්‍යවරයා කිව්වේ   විවේක ගන්න කියලා. මොකද ඒ ඇති වෙච්ච  පීඩනය දරා ගන්න හරිම අමාරුයි. නමුත් ඒ දරා ගැනීමේ ශක්තිය මට හැමදාම දෙවියන් වහන්සේගෙන් ලැබුනා. බලන් හිටපු අය  දන්නවා මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට කොච්චර කැප කිරීම් කරාද කියලා..  මගේ උපරිම ශ්‍රමය. දායකත්ව දුන්නා . ඒ මට නෙමෙයි, මගේ රටට ගෞරවයක් ලබා දෙන්න ඕනේ නිසා. තුන්වැනි වරටත් විවාහක ලෝක රූ රැජින කිරුළ ලංකාවට අරන් එන්න ඕනේ හින්දා. මොකද හැම තිස්සේම රට ගැන ආඩම්බරයන් හිතන කෙනෙක්. අභිමානයෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම සිංහලයෙක් විදිහට ඉපදිලා. පොළොන්නරුවේ අධ්‍යාපනය ලබපු කාන්තාවක් විදිහට මම හරිම ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම පිළිබදව.

මවු භාෂාව සිංහල කතා කරන එක ගැන මම හරිම ආඩම්බර වෙනවා. අපි ලැජ්ජා  වෙන්න ඉංග්‍රීසි කතා කරත්න පුළුවන් එකට නෙමෙයි. මවු භාෂාව කතා කරන්න බැරි එකටයි. මට හොඳට මගේ මවු භාෂාව කතා කරත්නත් පුළුවන්, ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. නමුත් මම හැම තිස්සෙම නියෝජනය කරන්නේම මගේ රට, මගේ ජාතිය රටේ සියලු  දෙනාවමයි. භාෂාව වැදගත් නැහැ හරියට  අනිත් දේවල් කරනවා නම්. ඇතම් රටවල්  බියුටි පැජන්ට්වල නියෝජනයේදී ඔවුන්  භාවිත කරන්නේ ඔවුන්ගේ මවු භාෂාව. නමුත් ලංකාවේදී මවු භාෂාව භාවිත කරන එකත් ප්‍රශ්නයක් වුණා. පැජෙන්ට් එකේ හිටපු අය ඒක පොයින්ට් එකක් කරගෙන තිබුණා ඉංග්‍රීසි කතා කරන අයට තමයි මෙතන ලොකු වාසියක් තියන්නේ කියලා. නමුත් රෝසි මැතිනිය කිව්ව මෙතනට භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කවුරුත් ප්‍රශ්නයක් කරගන්න  එපා, පරිවර්තකයන් ඕන කෙනට පාවිච්චි  කරත්ත පුළුවන් කියන දේ. ඇයට බොහෝම ස්තුතිවන්ත වෙනවා ඇත්ත ඇති සැටියේ කතා කරපු එක සහ මට වෙච්ච අසාධාරය එරෙහිව ඇය ලොකු කර්තව්‍යයක් කරා.  ඒ සඳහා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

ඔබ පසුගියදා පැවැති සාකච්ඡාවේදී කියා සිටියා අප රටේ කාන්තාවන් එ වෙනුවෙන් දරුවන් වෙනුවෙන්  ඉදිරියේදී පෙනී සිටිනවා කියලා.  මේ කාරණාවට දේශපාලනය අදාළ  වෙන්නේ කොහොමද?   දේශපාලනයට එන්නම ඕනද මේ දේවල් වෙනුවෙන් කටයුතු කරන්න?

 නැහැ. දේශපාලනයට එන්නම අවශ්‍ය නැහැ සමාජ සත්කාර කරන්න. දේශපාලනය  කියන්නේ යම් කිසි තනතුරක්යටත් අපිට හම්බ වෙනවා වරප්‍රසාද, බලය, අදාළ අමාත්‍යාංශය යටතේ මුදල් හම්බ වෙනවා. එතනදි තනි පුද්ගලයෙකුට වඩා එතනදි අපිට ලැබෙන වපසරිය වැඩියි.   නමුත් සමාජ සේවය කරන්න දේශපාලනයම අව්‍යශ නැහැ. . අපි කොහොමත් වර්ල්ඩ් පැජන්ට් එකට ගිහින් කරන්නෙත් රට නියෝජනය කරන එක. දේශපාලනට අවශ්‍ය නැහැ මේ කටයුතු සඳහා කියලා මම හිතනවා.

(ඩිලාන් ක්‍රිෂාන්ත)