කොළඹ ආර්. ප්‍රේමදාස 9 (ඛෙත්තාරාම) ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගැනීම නිසා එම මධ්‍යස්ථානය වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
එහි ප්‍රධාන පුහුණු උපදේශකයකු වන නමගිය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස මුලින්ම හඳුනාගත් බවත් ඉන් පසුව එහි සේවය කරන විදේශ ජාතිකයකු ආසාදිතයකු බවට පත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ආසාදිතයන් කිහිපදෙනකුම සොයාගත් බවත් එම ආසාදිතයන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාවලට යොමු කර ඇති බවත් එම නිලධාරියා පැවසීය. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සෙසු සේවකයන්ට අදාළ ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කරමින් ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන වසා දමා ඇති බවත් ඉදිරි දින කීපයේදී එය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
0 Comments