rakitha-rajapaksa-arrested

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



පොලීසිය පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

රඛිත රාජපක්ෂ විසින් පැදවූ ජීප් රථයක් ඊයේ (19) රාත්‍රී 10.30ට පමණ රාජගිරියේදී මෝටර් රථයක ගැටී ඇත.

රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.