
පසුගියදා සිර දඩුවම් නියමවීමෙන් පසු රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට සහභාගීවීමට හැකිදැයි අභියාචනාධිකරනයෙන් කළ ඉල්ලීම ඉවතලීම නිසා ඔහුට දිගින් දිගටම නිවාඩු පිට පාර්ලිමේන්තුවේ සීටීමට නීතිමය බාධා පැනනැගි අතර ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායගේ එකොළොස් වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු දිවිය නිමා වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.
කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ අසුන හිස් වන බව මැතිවරණ කොම්සමට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කටයුතු කළ බවයි.
රන්ජන් රාමනායක වෙනුවට හිස් වූ අසුනේ අජිත් මාන්නප්පෙරුම අසුන් ගනු ඇත.
මින් ඉහත 2010 මහමැතිවරණයේදී සරත් ෆොන්සේකාටද මෙම ඉරණම අත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval