ravi-kumudesh-speaks

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය සම්බන්ධ සෞඛ්‍ය අංශ වාර්තා දෝෂ සහගත බවට කරුණු දක්වන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මේ වනවිට ලක්ෂයේ ෂීමාවද පසුකර අවදානම් තත්වයක මෙම රෝගය ලංකාවේ පවතින බව පෙන්වා දෙයි. ඔහුගේ අදහස් දැක්වීමක් පහත පරිදිය.



*කෝවිඩි 19 ආසාදිතයන්ගේ දන්ත පරස්පර බවට ඔබ නගන චෝදනාව කුමක්ද?

''අපි රසායනාගාර පරීක්ෂා කරලා වාර්තා කරන කෝවිඩි 19 ආසාදිත රෝගීන්ගේ දත්ත සොඛ්‍ය අමාත්‍යාංශය තුළ එකතු කරනවා. එතකොට අප්‍රේල් 03වැනිදා රසයානාගාර සේවාවේ නිල දත්තවලට අනුව ලක්ෂයකට වඩා ආසාදිතයන් සංඛ්‍යාවක් අප සොයාගෙන තිබෙනවා. අප්‍රේල් තුන්වැනිදා වන විට අපි ලක්ෂයේ සීමාව පහුකරලා තියෙනවා. මේ වන විට එක්ලක්ෂ තුන්දහස් ගණන පහුක්වෙලා තියෙනවා. නමුත් අනූහය දහස් ගාණක් තමයි වසංගත රෝග ඒකකයේ නිල දත්තවල සඳහන් වන්නේ. අපිට දිගටම නිරීක්ෂණය කළා, වසංගත රෝග අංශය රෝගීන් පිළිබදව වාර්තා කරන්නේ හයදහසකට වඩා අඩු ප්‍රමාණයකින්. මේ දත්ත පරස්පරතාව මාස අටක පමණ කාලයක් තිස්සේ සිදුවෙන්නක්. රටක පවතින වසංගතයක තත්වය සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ රසායනාගාර සේවාවෙන් නිකුත් කරන දත්ත සහ වාර්තා මතයි. රෝගය පාලනය වෙලාද? රෝගය පැතිරිලාද? යනාදී සෑම දෙයක්ම පදනම් වෙන්නේ රසායනාගාර සේවාවෙන් නිකුත් කරන දත්ත මතය. ඒ නිසා මෙයට ඉතා හොඳ දත්ත කළමනාකරණයක් තිබිය යුතුයි. මාස අටක් ගතවෙලත් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිවෙලා තිබෙනවා මේ දත්ත දෙක සමපාත කරගන්න.මෙතැනදි අපි හොයල බැලුවාම විය හැකි සිදුවීම් තිබෙනවා. දැනට හයසිය දාහතරක මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. අපි ඒක මරණයකදී තුන් වරක් පී.සී.ආර් පරික්ෂණ කරනවා. එවැනි අවස්ථාවකදී යම් පැටලීමක් සිදුවිය හැකියි. එතැනදී ආසන්න වශයෙන් පි.සී.ආර් දෙදාහක් විතර ඉවත් කළ හැකියි. ඊට අමතරව තිබෙන කරුණු මෙයින් ඉවත් කරන්න බැහැ. අපි පැහැදිලිවම දකිනවා මේ වන විට රෝගීන් පන්දාහක් පමණ තීරණයක් නැතුව ආ ගිය අතක් නැති තැනකට පත්වෙලා ඉන්නුවා කියලා. මේක වසංගත රෝග අංශයේ වගකීමක්. කෙසේ වෙතත් අපේ දත්තවලට අනුව මේ වන විට අපි ලක්ෂයේ සීමාව පසුකර අවසන්. නමුත් වසංගත රෝග අංශය ඔවුන්ගේ දත්ත අනුව වාර්තා කරන්නේ අනූහය දහස් ගණනක්. ''

*මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළාද?

''ඔව්. මේ පිළිබඳව අප අවස්ථා ගණනාවකදීම සොඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කළා. ඒ වගේම අපි ජනාධිපතිවරයා දක්වාම ගෙන ගියා. වසංගත රෝග අංශය කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඔවුන් හිතන්නේ වසංගතය කියන්නේ ඔවුන්ටම අයිති දෙයක්, ඒ නිසා ඔවුන් කියන දේ විතරයි හරි කියන මතයේ ඔවුන් ඉන්නේ.ලියුමක් යැව්වාම ඒක ලැබුණද නැද්ද කියල දැනුම්වත් කරන්නවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදයක් නැහැ. සෞඛ්‍ය ලේකම්වරයා කවදාවත් මේ ගැන සාකච්ඡා කරල අවබෝධයක් ගන්නේ නැහැ. ජනාධිපතිවරයාට යවම ඒ ලියුම ලැබුණද කියලවත් දැනුවත් කරන්නේ නැහැ. මේ ආකාරයෙන් ගිහිල්ලා ගිහිල්ලා කොහෙන් හරි ජනතාව පීඩාවට පත්වෙලා, මේක හෙළිදරව් වුණු වෙලාවට තමයි පිළියම් යොදන්නේ. ඒකට තමයි මෙතෙක් කල් වසංගත පාලනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන නරකම පැතිකඩ.''

*මේ දන්ත පටලැවිල්ල නිලධාරීන්ගේ වරදක්ද?

''මේක දැනටමත් අවුරුද්දක් ගතවෙලා තිබෙන වසංගතයක්නේ. ඒ නිසා පැහැදිලිවම දත්ත මත සිදුවන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම රට ඇතුළ හොදින් වැඩ කරන දත්ත කළමනාකරණ පද්ධතියක් අපට තියෙන්නෙ ඕනේ. රසයානගාරවලට පරීක්ෂණ එන - යන විදිහ, වාර්තා සකස්වන ආකාරය. ප්‍රවණතාවන් හඳුනාගන්න විදිහ. ඉතාම පහසුවෙන් තොරතුරු කළමනාකාරණය පිළිබදව. තොරතුරු කළමනාකරණ පද්ධතියක් පිළිබදව අපි අප්‍රේල් මාසයේ යෝජනාවක් දුන්නා. තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ හැකියාවක් අපට තිබෙනවා. අපිට ඒකට අවස්ථාවක් ලබාදෙනවා නම් මාසයක් ඇතුළත ඒක හදන්න අපට පුළුවන්. දැන් අවුරුද්දක් ගිහිල්ලත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙම තොරතුරු කළමනාකරණ පද්ධතියක් හදාගන්නෙ බැරිවෙලා තියෙනවා. ඒ වගේම වසංගත රෝග අංශයට එහෙම උවමනාවක් තිබෙන බවක් අපිට පේන්න නැහැ. ඒකේ ඉන්නේ ගතානුගතික විදිහට හිතන, යල් පැන ගිය විදිහට හිතන අයයි. ඔවුන් අලුත් විදිහට හිතන්න කැමති නැහැ. අලුත් විදිහට වැඩ කරන්න පුළුවන් තාක්ෂණයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගේන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. මෙතන ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් නැතිකම පරික්ෂා කළ හැකියි.



*මේ වනවිට දිනකට පී.සී.ආර්. පරික්ෂණ කොපමණ ප්‍රමාණයක් සිදුකරනවාද?

''මේ වෙද්දි ලංකාවේ දවසකට පී.සී.ආර් පරීක්ෂණ පහක්වත් කරන්නේ නැති තත්වයක් තියෙන්නේ. ලංකාවේ රසායනාගාර විසිහතරක් තිබෙනවා. අපට ඒ විසිහතරෙන් මේ තිබෙන අවම පහසුකම් යටත් දවසට පී.සී.ආර් විසිපන්දහසක් පරීක්ෂන කල හැකියි.එකම ගැටලුව මේකට අදාළ සැපයුම් පද්ධතිය අඛණඩව ලබා නොදීමයි. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. ඔවුන්ට ඒකත් කරන්න බැරි නම් ඒක අපට දෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර සේවාව පිළිබදව දත්ත කිසිවෙක් නැහැ. රසයානාගාර කළමනාකරණය කියන්නේ විශාල විෂයක්. ඒක කළමනාකරණය කරන අයටම භාරදුන්නා නම් මේ තත්වය වෙන්නෙ නැහැ. ඔවුන් කැමති අය ඒ තැන්වලට පත්කරලා, ඒ වැඩේ හරියට නොවුණාම ඒ වරද රසායනාගාර සේවා වෘත්තිකයන්ගේ පිටින් පටවන එකයි වෙන්නේ, අපි ලැහැස්තියි අපට භාර දෙනවා නම් ඒක කරන්න, ප්‍රධාන රෝහල්වලට පී.සී.ආර් පරික්ෂණයක් ආවාම ප්‍රතික්‍රීයක හොයමින් රටවටේ ඇවිදින්න ඕනේ. සමහර තැන්වල ප්‍රතික්‍රීයක දින පැනලා විසි කරන්න සිදුවෙලා. සමහර ඒවාට ඕන ඒවා නෙවෙයි එන්නේ. තාක්ෂණික ඇගයීම් කමිටුවල ඉන්න විශේෂඥ වෛද්‍යවරු එයාලට සෘජු සම්බන්ධතා තිබෙන ආයතනවල ප්‍රතික්‍රීයක විතරයි ගෙන්වන්නේ. ඒ ප්‍රතික්‍රීයකවලින් වැඩ කරන්න බැරි රසායනාගාර වහගෙන නිකන් ඉන්න ඕනේ. ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. මේ වෙනකොට අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයක් වෙලා තිබෙනවා විදේශයකයන් ගෙන්වන්නේ කොහොමද කියලා. ඒ මාර්ගෝපදේශයේ තියෙනවා එන්නත් කරලා, ප්‍රතිශක්තිකරණය තහවුරු කරගත් පුද්ගලයෙක්වත් පැය හතළිස් අටක් හෝටලයක රදවාගෙන පීසීආර් එකක් කරන්න ඕන්නේ කියලා. අපි සොඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රතිශක්තීකරණය තහවුරු කරගත් පුද්ගලයෙක් පැය හතළිස් අටක් තියන්න ඕනේ කියල තීරණය කළේ කොහොමද කියන එක. ඒ මනුස්සයට පැය තුනකින් පීසීආර් එකක් කරන්න පුළුවන් නම් පැය හතළිස් අටක් තියාගන්නේ ඇයි? ඒ මාර්ගෝපදේශය හදල තියෙන් බලහත්කාරයෙන් සාකෑමක් උදෙසායි.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළන් අපට මේ අවස්ථාව දෙනවා නම් ඒක ඇතුළෙ අපිට පැය තුනකින් වාර්තාව නිකුත් කරත්ත පුළුවන්. මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ පෞද්ගලික සම්බන්ධතා තිබෙන මිනිස්සුන්ගේ අතින්. ඒවා පාලනය කරන්න තමයි ඇමතිවරු, ලේකම්වරු ඉන්නේ. හැබැයි ඔවුන් මේ මුකුත් දන්නෙ නැහැ. ඔවුන් රසායානාගරයක වැඩ සිදුවන්නේ කෙසේද කියල දන්නෙ නැහැ. ඒ විශේෂඥ වෛද්‍යවරු හවසට පුහුණු වෙන්නේ කොහෙද කියල දන්නෙ නැහැ.''

*රසායනාගාර වෘත්තිකයන්ගේ පහසුකම් අවමයි කියලා ගැටලුවක් පැනනැගුණා. එයට විසඳුම් ලැබුණාද?

''අපි ඇත්තටම සතුටු වෙනවා අපේ වෘත්තිකයන් ගැන. මේ වෙන තෙක් ඔවුන් ඔවුන්ගේ සාමාන්‍ය අවශ්‍යතාවක්වත් සොඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙන් බලාපොරොත්තු වෙනවා අපි ඒ ඉල්ලීම් ඉල්ලලා ඒවා නොදුන්නාම වැඩ නවත්වයි කියලා. අපි වෘත්තිකයෝ විදිහට මේ වෙලාවේ මේ රටේ මිනිසුන්ට වැඩ කරන්න බැදිලා ඉන්නවා. ඒ බැදීම මේ අවස්ථාවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් හෝ කේවල් කරන්නේ නැහැ. ඒක අපේ වෘත්තිකයෝ එකට එකතු වෙලා ගත්තු ප්‍රතිපත්තියක්. මේ වනවිටත් අපිට කිසිම පහසුකමක් දීල නැහැ. අපි අපේ පහසුකම් අමාත්‍යාංශයෙන් ඉල්ලනකල් බලාගෙන ඉන්නේ. මොකද එතකොට ඔවුන් අපිට කරන්නට එපා කියලා පෞද්ගලික අංශයට මේක බාරදෙන්න බලාගෙන ඉන්නේ. ඒ තරම් ඔවුන් ඒකට ආසයි. අපිට අවශ්‍යතාව තිබුණත් පැය විසිහතරේ රසයනාගාර සේවා කරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. බොහෝ තැන්වල අතිකාල දීමනා ගෙවන්නේ නැහැ. අතිකාල කරලා මාස ගණින් ඉන්නවා ගෙවීම් නැතුව. අපේ අය අතිකාල නැතුව වැඩ කරනවා. ඒ අපේ ජාතික වගකීම, වෘත්තීමය වගකීම ඉට කරත්ත ඕන නිසා, මේ තත්වය අද වෙද්දි රසායනාගාර සේවාවේ විතරක් නෙවෙයි හෙද සේවාවේ, මහජන සෞඛ්‍ය සේවාවේ ඇතුළු හැමතැනම සිදුවෙනවා. බිම් මටිටමේ සිටින වෘත්තිකයන්ගේ අවශ්‍යතාවය මත විතරයි මේ අවස්ථාවේදී සෞඛ්‍ය සේවය පවතින්නේ.''

සාකච්ඡාව - කැලුම් දේවින්ද