අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදියුර්දින් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුර්දින් අද 27 අගහරුවාදා දිනයේ උදෑසන පැය 72 ක කාලයක් රදවා ගැනීම අවසන්වූ නමුත් එය ප්‍රමාණවත් මදි බව දක්වා
දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීම සඳහා පොලීසිය ආරක්ෂක අමාත්‍යංශයට අදාළ අයදුම්පත් යොමු කර තිබූ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත්තේ එයට අවසර ලැබුණ බවයි.
ඒ අනුව ඉදිරි මාස 3 ක කාලයේ ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත රිෂාඩ් බදියුර්දින් සහරියාජ් බදියුර්දින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිනි.
රිෂාඩ් බදියුර්දින් නිදහස් කරන ලෙසට ඉල්ලා පුද්ගලයෙකු ඊයේ වව්නියාව පැරණි බස් නැවතුම්පොල අසලදී විරෝධතාවකද නිරත විය.
0 Comments