
හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
මේ වන විට ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවට අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ්බබදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට පෙර අලුයම 3.15ට පමණ සිය ෆේස්බුක් ගිණුම හරහා දෙමළ බසින් විශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට රිසාඩ් බදියුදීන් පියවර ගෙන තිබුණි.
ඒ හරහා රිෂාද් බදියුදීන් මෙසේ පවසා ඇත.
‘වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්.
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.‘
Comments
Post a Comment
Your comment will be visible after approval