මැයි 6, 7 සහ 8 යන දිනවල හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 142 වන රාජකීය-ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගය කල් දමා තිබේ.
තරගයට පෙර COVID-19 සඳහා ක්‍රීඩකයින් සම්බන්දයෙන් කළ පීසීආර් පරීක්ෂණ වලදී සිව්දෙනෙකු ධනාත්මක වීමෙන් අනතුරුව තරගය කල් දැමීමට කමිටුව තීරණය කළ බව තරග සංවිධායක කමිටු සාමාජිකයෙකු දන්වා ඇත.
තරගයට දින ගණනාවකට පෙර සිට බුබුළක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ නිසා බුබුලකට ඇතුළු වීමට පෙර පාසල් දෙකේ ක්‍රීඩකයින් PCR පරීක්ෂණවලට භාජනය කරන ලදී.
වර්තමාන COVID තත්ත්වය සලකා බැලීමෙන් පසුව තරගය සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කර තිබේ.
0 Comments