කොරෝනා ආසාදිතයින් සදහා ලබාදීමට අවශ්‍ය ඔක්සිජන්වල හිගයක් පවතින බවට කටකතා පැතිරෙන බවත් ඒ කතාවල සත්‍යතාවයක් නැති බවත් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මාධ්‍ය අමතා දන්වා තිබේ.



‘මේ මොහොත දක්වා අපට එහෙම අඩුපාඩුවක් ගැන  සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා නැහැ නමුත් රෝහල් අධික රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇති බව ඇත්ත. ඒ සදහා අවශ්‍ය ප්‍රදේශ ඉලක්ක කරගෙන රෝහල් පද්ධතියේ ධාරිතාව වැඩිකිරීමට අපට සැලසුම් තියනවා.
එසේම පැතිරෙන්නේ ඉන්දීය ප්‍රෙභ්දය බවටත් කතාවක් පැතිරෙනවා. නමුත් අපට තවම එහෙම නිශ්චිතව කියන්න දන්වා නැහැ.මේවා හුදෙක් කටකතා පමණයි‘