ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ක්‍රමවත්ව සිදු නොවන බව ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි පවසයි.නායිකා සෝනියා ගාන්ධි මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට චෝදනා කර ඇත්තේ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 3 පසු කරද්දීය.
ඉන්දීය එන්නත්කරණ වැඩසටහන රජයේ අනුග්‍රහයෙන් නොමිලේ සිදුවන අතර, එන්නත් කලින් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයකුට රජයේ රෝහල්වලින් මෙන්ම පෞද්ගලික රෝහල්වලින් ද එන්නත මිලදී ගැනීම කළ හැකිය.කෙසේ නමුත් අවුරුදු 18 ත් 45 ත් වයස් කාණ්ඩයේ ඉන්දියානුවන්ට ලබා දෙන එන්නත් එකිනෙකට වෙනස් මිල ගණන් යටත්තේ විකිණීම සිදුවන බවට ද කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි චෝදනා කර ඇත.
එකම සමාගමක නිපදවන එන්නත මිල ගණන් කීපයක් යටතේ විකිණීම සිදු කරන්නේ කෙසේදැයි ද සෝනියා ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදින්ගෙන් විමසා තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව, සෞඛ්‍ය අංශ එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. ඉන්දියාවේ සේසරම් සමාගම යටතේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රොසෙනකා කොවිෂීල්ඩ් එන්නත, ඉන්දීය රජය යටතේ පවතින භාරත්බයෝටෙක් සමාගමේ කොවැක්සින් එන්නත මේ වනවිට ඉන්දියානුවන්ට ලබා දෙයි. ඉන්දියානුවන්ට මෙම එන්නත් ලබා දෙන බැවින් ඒවා අපනයනය ද නවතා දමා තිබේ. මේ වනවිට අවුරුදු 45 ට වැඩි සැමට එන්නත් ලබා දීම සිදු වෙමින් පවතින අතර, ලබන 1 වැනිදා සිට අවුරුදු 18 ට වැඩි ඉන්දියානුවන් සියලු දෙනාට එන්නත් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
0 Comments