ස්පාඤ්ඤයේ බලශක්ති සමාගමක් වන Endesa සමාගමට අයත් ඉහළ වෝල්ටීයතාවක් සහිත විදුලි රැහැන් හා ගැටී පක්ෂීන් සිය ගණනක් මරණයට පත්වීම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව චෝදනා පැවරීමට එරට බාර්සිලෝනා නුවර අධිකරණය තීරණය තිබේ. මෙම සමාගම මගින් පරිසරයට සහ වනජීවීන්ට එරෙහිව ක්රියාත්මක වී ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී තිබේ.
මෙහිදී එම සමාගම සිය විදුලිය රැගෙන යන කේබල නියමිත ආකාරයෙන් පිහිටුවීමට අත්පොහොසත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මෙම කේබල කුරුල්ලන්ගේ මරඋගුල් බවට පත්ව ඇති බවත් අධිකරණය කරුණු දක්වා තිබේ.
වාර්තාවලට අනුව බාර්සිලෝනා නුවරට උතුරින් පිහිටි ඔසෝනා පළාතේ පිහිටි මෙම විදුලි කේබලවල ගැටී 2018 සිට 2020 වසර දක්වා කාලය තුළ පක්ෂීන් 255 දෙනෙකු මරණයට පත්ව ඇත. ඒ අතර එරට තුළ ආරක්ෂා කෙරී ඇති පක්ෂීන් කිහිපදෙනකුම වන බව පැවසෙයි.
0 Comments