sri-lanka-media-covid19

මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ගණනාවක කොරෝනා වෛරසය ධනාත්මකවූ රෝගීන් වාර්තා වන අතර අද (28) සවස වාර්තාවූ සංඛ්‍යාලේඛන අනුව අඩුතරමින් 36 දෙනෙකු කොරෝනා වෛරස ආසාදනයවී ඇතැයි වාර්තා විය.


චීන ආරක්ෂක ඇමතිගේ පැමිණීම ආවරණය කිරීමට පෙර ඊට සහභාගීවන මාධ්‍යවේදීන්ට කළ අනිවාර්ය පීසීආර් පරීක්ෂණය නිසා මෙම කොටසක් හදුනාගන්නට ලැබිණි.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ (ITN ) 20, මව්බිම පුවත්පතේ 14 සහ Sirasa TV නාලිකාවේ 02 ක් මෙම ආසාදිතයින් අතර සිටිති.
අහඹු පීසීආර් පරීක්ෂණ තවත් සිදු කර තිබෙන අතර ලැබෙන වාර්තාවලින් කියැවෙන්නේ මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවය.
 මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූ බවද පසුගිය සතියේ වාර්තාවී තිබුණි.