වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවකුගේ දෛනික වැටුප වතු සමාගම් සිකුරාදා (09) දින සිට ගෙවනු ලැබීය. දිනක මූලික වැටුප රුපියල් 900ක් වශයෙන් ද, අයවැය දීමනාව වශයෙන් රුපියල් 100ක්ද ඇතුළුව රුපියල් දහසක් මම ගෙවීමට ඇතුළත් විය. වතු කම්කරුවකුට මීට ප්‍රථම දිනක වැටුප රුපියල් 750ක් වශයෙන් වතු සමාගම් විසින් ගෙවීම් කටයුතු සිදු කරනු ලැබිණි. 2021 වසරේ අයවැය යෝජනාවේදී වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය, වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ යුතු බවට වැටුප් පරිපාලක සභාව විසින් තීරණය කරනු ලැබිය.
වතු සමාගම් වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර ගෙවීම් කටයුතු සිදු කළ ද වතු වෘත්තීය සමිති සහ වතු සමාගම් අතර මීට ප්‍රථම අත්සන් කර තිබූ අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වතු සමාගම් විසින් ලබාදුන් සුබසාධන කටයුතු, සෞඛ්‍ය පහසුකම් ලබා නොදීමට මේ වන විට ඇතැම් වතු සමාගම් කටයුතු කර ඇත. වතු කම්කරුවකු දෛනික වැටුපට නෙළිය යුතු අමු තේ දලු ප්‍රමාණයට වඩා වැඩියෙන් තේ දලු නෙලු ප්‍රමාණයට වතු සමාගම් විසින් ගෙවිය යුතු අමතර දීමනාව ද අප්‍රේල් මස වැටුප සමග ගෙවීමට වතු සමාගම් කටයුතු කර නොතිබිණි. රුපියල් දහසක වැටුප් ලබාදීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, වසර පහක් තිස්සේ තමන් දිනක වැටුප රුපියල් දහසක් අපේක්ෂාවෙන් සිටි බවත්, මෙම වැටුප ලබාදීමට කටයුතු කළ රජයට, වතු වත්තීය සමිතිවලට තම ස්තුතිය පුද කරන බවයි"
-නොර්වුඩ් රංජීත් රාජපක්ෂ-
0 Comments