දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන කිසිදු දුම්රියක් විෂබීජහරණය නොකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, කසුන් චාමර මහතා ප්‍රකාශ කළේය.  කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් දුම්රි විෂබීජහරණයට ලක්වන්නේ දැයි කළ විමසීමකදී පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.දුම්රි විෂබීජහරණයට හෝ දුම්රිය ස්ථාන තුළ වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මුහුණු ආවරණ සනීපාරක්‍ෂක දියර ආදිය පවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාදී නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේ මගේ ගමන් සීමා කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබුණද, මේ වනවිටත් දුම්රිය තුළ විශාල මගීන් ප්‍රමාණයක් ගමන් කරමින් සිටින බවද ඔවුන් වසරයට ගොදුරුවීමේ අවස්ථාව ඉතා ඉහළ බවද හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් චාමර මහතා,

"දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ වන කිසිදු දුම්රියක් මේ වනවිට විෂබීජහරණයට ලක්වෙන්නේ නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර විෂබීජ නාශක ද්‍රව්‍ය, මුහුණු ආවරණ,
දුම්රියවිෂබීජහරණය. කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ආදිය ලබාදුන්නා. නමුත් පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව මේ දක්වා එම කටයුතු කිසිවක් සිදුවෙන්නේ නැහැ.ඒ වගේම ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරන්න කියලා රජය චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඒ සඳහා වූ කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ වනවිට විශාල මගීන් සංඛ්‍යාවක් දුම්රිය භාවිත කරනවා.

ඒ අතර කෝවිඩ් ආසාදනය වූ අයෙක් ගමන් කළත්, ඔවුන්ව හඳුනාගන්න හැකියාවක් නැහැ. නමුත් ඔහුගෙන් රෝගය බෝ වෙන්න තිබෙන ප්‍රවණතාවට ඉතාම ඉහළයි. එහෙම වුණත් දුම්රියෙන් ගමන් කළ මගීන්, ආශ්‍රිතයන් හඳුනාගන්නවත් අවස්ථාවක් නැහැ. මෙයට නිශ්චිත වැඩපිළිවෙළක් යොදන්න. කියලා කෝවිඩ් පළමු රැල්ල ඇති වුණ අවස්ථාවේත් දෙවැනි රැල්ල ඇති වුණ අවස්ථාවෙත් අපි පැහැදිලිව කිවා. නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දුම්රි ආසන වෙන්කිරීමේ ක්‍රමවේදයක් පෞද්ගලික දුරකථන සමාගම් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට. ලබාදී තිබුණද, එවැන්නක් තවමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඇමතිතුමාවත් දෙපාර්තමේන්තුවත් අපි දැනුවත් කර තිබෙනවා. නමුත් දෙපාර්තමේන්තූවේ ඇතුම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මේ පද්ධතිය. දෙපාර්තමේන්තූව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යැයි පැවසීය.
 (චාමර සම්පත්)