thaiwan-train-accident

තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 50 කට ආසන්න පිරිසක් මිය ගොස් 150 කට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලැබූහ. තවමත් 70 කට අධික මගීන් පිරිසක් උමං මාර්ගය තුල සිරවී සිටින බව කියැවේ.
මෙම පිලී පැනීම සිදුව තිබුනේ ගමන් ගනිමින් සිටි දුම්රිය උමං මාර්ගයට ආසන්න වෙද්දී අනපේක්ෂිත ලෙස ඒ වෙත පැමිණි රියදුරු රහිත ට්‍රක් රථයක් නිසාය.
නඩත්තු වැඩබිමක සිට බැම්මකින් දුම්රිය මාර්ගයට ලිස්සා ගිය ට්‍රක් රථයක දුම්රිය ගැටී ඇති බව පොලිසිය විශ්වාස කරයි. මෙම ගැටීම නිසා දුම්රියේ ඉදිරිපස මැදිරි පීලි පැන උමඟ ඇතුළත ගොඩ ගැසී, බිත්තිවලට පොඩි වී, බෙදී ගොස් විනාශ විය.
පීලී පැනීමත් සමඟ දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී උමඟ තුළ සිරවී ඇත. මේ නිසා දුම්රිය මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.


ටාරෝකෝ එක්ස්ප්‍රස් නමැති මෙම දුම්රිය තායිපේ සිට ටයිටුඅංග් නගරය බලා ධාවනය වෙමින් තිබි ඇත්තේ ආගමික උත්සවයකට පිරිසක් රැගෙන යමින් සිටියදීය අනතුර සිදුවන අවස්ථාවේ ඒ වෙනුවෙන් ගමන් කළ 500 කට ආසන්න පිරිසක් එහි සිට ඇත.
තායිවාන ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර ලෙස මේ වනවිට විදෙස් මාධය මෙය හඳුන්වා ඇත. ඉදිකිරීම් වාහනයේ රියදුරු අපරික්ෂාකාරී ලෙස වාහනය නවතා තැබීම හේතුකොට අනතුර සිදුව ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තායිවාන් බලධාරීන් විසින් ඉල්ලා තිබේ.
මෙම අනතුර නිසා දැනට වාර්තාවී ඇති පරිදි 33 හැවිරිදි දුම්රිය රියදුරු, හය හැවිරිදි දැරියක සහ ප්‍රංශ ජාතිකයෙකු ඇතුළු දුසිම් ගණනක් මිය ගොස් ඇත. 70 කට වැඩි පිරිසක් පැය ගණනක් ඇතුළත සිරවී සිටි අතර, දිවි ගලවා ගත් අනෙක් අය ජනේල කඩා දුම්රිය වහලය දිගේ බඩගාගෙන පැන ආ අයයි.
 ලිස්සා යන අවස්ථාවේ ට්‍රක් රථයේ රියදුරු වාහනයේ නොසිටි අතර “නුසුදුසු තැනක නවතා තිබූ” වාහනය අනතුරට මුල බව පරීක්ෂණවලදී තහවුරු විය.
අනතුරින් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර 48 දෙනෙකු ස්ථිර ලෙස මියගොස් තිබේ. තුවාල ලැබූ දෙදෙනෙක් පසුව රෝහලේදී මිය ගියහ.
සමහර ශරීර කොටස් තවමත් නිසි ලෙස හඳුනාගෙන නොමැති නිසා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යා හැකි බවට බලධාරීන් දන්වා තිබේ. අනතුරට ලක්වූ ස්ථානයේ බේරාගත් අයෙක් කියා සිටියේ උමඟ තුළ තවමත් සිරවී ඇති සුන්බුන් සහිත මැදිරිවල තවත් සිරුරු තවමත් තිබේදැයි ඔවුන්ට විශ්වාස නැති බවයි.‍