තුර්කිය පළමු පූර්ණ අගුලු දැමීම ඊයේ (29 වැනිදා) ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය දැනුම්දීමට පෙර රට පුරා වීදි ජනාකීර්ණව සහ කඩ සාප්පු ඉතාමත් කාර්යබහුල තත්ත්වයක පැවැතිණි. සමහරු ඉස්තාන්බුල් නුවරින් පිටතට යෑම සඳහා ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණෙමින් සිටියහ.
තවත් අය මත්පැන් තොග ගබඩා කර ගැනීමට මත්පැන් අලෙවිසල් තුළ කලබල කරගත්හ. පසුගිය වසරේ තුර්කිය වසංගත තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට පවා ලක් වුණි. නමුත් ඉන් වසරක් ඉක්මවූ විට යුරෝපයේ වැඩිම කොවිඩ් ආසාදන අනුපාතය ඇති රටවල් අතරට තුර්කියද එක් විය.
පසුගිය නොවැම්බරයේ ආරම්භ වූ දෙවැනි රැල්ලේදී දෛනික ආසාදිත සංඛ්‍යාව 6000ක් පමණ වූ අතර මාර්තු මාසයේ රජය සීමා ලිහිල් කිරීම ආරම්භ කළ වහාම තුර්කියේ නව රැල්ලක් ඇති විය. අප්‍රේල් මස මුලදී නැවත සීමා පැනවීමට රජය කටයුතු කළත් ආසාදිතයින් වැඩිවීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය. එම මාසයේ දිනකට නව රෝගීන් 60,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 300කට වඩා වාර්තා විය.
මිලියන 82කට අධික ජනගහනයක්ක් සිටින තුර්කියේ මේ වනවිට මිලියන 22කට වැඩි පිරිසකට චීන සිනොවැක් එන්නත ලබා දී ඇත. රජය කල්තියාම සීමා ඉවත් කිරීමත් සමඟ එන්නත් කිරීමේ ක්රියාවලියද මන්දගාමී වී තිබේ.
එරංදි කෞශල්‍යා
0 Comments