
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිද සුබ පැතුම් එක්කර තිබේ.
ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම අවුරුදු සමරන ජනතාව වෙනුවන් අමෙරිකා ජනාධිපතිවරයා එලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත.
එහි සිංහල භාෂාවෙන් මෙන්ම දකුණු ආසියාවේ භාවිතා වන භාෂාවලින්ම සුබ පැතුම් එක්කිරීම විශේෂත්වයකි.
ඊයේ(14) පෙරවරුවේ ෆේස්බුක් සටහනක් මගින් ජනාධිපතිවරයා මෙම සුබ පැතුම එක් කර ඇත.
ධුරයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙක් සිංහල බසින් ශ්‍රී ලාංකිකයන්ට සුබ ප්‍රාර්ථනා එක් කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval