
වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් සිසුවියක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වනාතවිල්ලුව, කාටුපුලියන්කුලම පදිංචිව සිටි ජේ.ඒ. රවීෂා ධනංජනී (අවු. 13) නම් වූ සිසුවියකි.
වනාතවිල්ලුව, බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ 8 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ඇය ඊයේ (06 වැනිදා) පෙරවරුවේ හදිසියේම රෝගී වී ඇත.
වහාම ක්‍රියාත්මක වූ ගුරුවරුන් දැරිවියගේ මව ගෙන්වා ඇයව භාරදී රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව දැරිවිය වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. දැරිවියගේ තත්ත්වය බරපතළ බැවින් පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇත. එහෙත් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබී ඇත.
මියගොස් ඇති දැරිවියගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
ජූඩ් සමන්ත-පුත්තලම
Comments
Post a Comment
Your comment will be visible after approval