
හල්දුම්මුල්ල - කළුපහන පාලම් දෙක අතර පිහිටි වේලි ඔයේ දියනෑමට ගිය
මහරගම ප්‍රෙද්ශයේ පදිංචි එකම පවුලේ 4 දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගිය පුවතක් අද වාර්තා විය.
අද දහවල් වේලිඔයේ දියනෑමට ගොස් තිබූ මෙම පිරිස අතර විවාහක යුවළක් හා එම පවුලේ පියෙකු හා පුතෙකු විය.
සැඩපහර සමග පිරිස කෑගසද්දී ප්‍රදේශවාසීන් එක්ව එම පවුලේ යුවල මුදාගෙන ඇති නමුත් පියෙකු සහ පුතෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වේලි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ එක්වරම එහි ජලය වැඩි වී තිබුණ නිසා අසාමාන්‍ය ජල ධාරාවක් පැනනැගුණ බව පැවසිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval