අද පෙරවරුවේ අරලියගහ මන්දිරය වෙත ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් කැදවා තිබුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සංශෝධන පනත ගැන සාකච්ඡා කරන්නටය මෙම අවස්ථාවට ආණ්ඩුවේ ප්‍රබල හවුල්කාරයින් තිදෙනෙකු වන වාසුදේව විමල් හා උදය සහභාගී වූවද ඔවුන් 10.30 ට එම ස්ථානයට පැමිණ වටපිට බලා අනවශ්‍ය පිරිසක් පැමිණ ඇති බවට කණස්සල්ලෙන් පසුවූ බව කියැවෙන අතර ඒ අය මේ සාකච්ඡාවේ සිටී නම් තමන් එයට එක් නොවන බව දන්වා ඇත.කෙසේ වෙතත් එම අනවශ්‍ය අය මෙම තිදෙනා නිසා ඉවත්ව නොගිය අතර තම මතයට අනුකූලව සාකච්ඡාව නොපැවති නිසා පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.
අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවයි.
ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා එකගවී ඇත.
පලාත් සභා පනතේ ඇතැම් වගන්ති නිසා තමන්ගේ සුළු පක්ෂවල පැවැත්ම අහිමිවී යාමේ අවාසියක් පවතින බව දිගින් දිගටම පෙන්වාදීම නිසා ඒ ගැන සාකච්ඡා කිරීමට මෙම හමුව සූදානම් කර තිබුනත් විසදුමක් නැතිවම මෙම සාකච්ඡාව කඩාකප්පල් වී ඇත.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා නිසා හටගත් වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධ ආරෝව ගැනද අද සවස අගමැතිවරයා ප්‍රධානත්වයෙන් පොහොට්ටු පක්ෂයේ අය සමග සාකච්ඡාවක් සූදානම් කර ඇත.
0 Comments