zebra-dehiwala-zoo

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවළට දාව සීබ්‍රා ගැහැනු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය.  මෙම පැටවුන් ඉපිද තත්පර ගණනකින් සිට ගැනීමට උත්සාහ කළ හැකි ස්වභාවික ආරක්ෂක ක්‍රමවේදයන් යටතේ වනයේදී ජීවිත ආරක්ෂාවට පිහිටා ඇතැයිද, මෙම පැටවාද ඉපිද සුළු වේලාවකින් සිට ගැනීමට උත්සාහ කරමින් සිය මවගෙන් කිරි උරාබොමින් සිටි බවත්, දැනට පැටවා සාමාන්‍ය ආහාර පවා මව සමගින් ලබා ගනිමින් එළිමහන් පිටියේ ඇවිදිමින් සුවයෙන් පසුවන බවත් සත්ව සහකාර පාලක පාලිත පෙරේරා මහතා පැවසීය.



මෙම සීබ්‍රා පැටවාද සමග ගැහැනු සතුන් 4  දෙනකුද, පිරිමි සතුන් 2 ක්ද සිටින බවත් සියලු  දෙනා මහජන ප්‍රදර්ශනයට යොමුකර මව සමග එළිමහන් පීඨයේ සැරිසරමින් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය.


 -එච්.එම්. ධර්මපාල-