corpses-believed-to-be-covid-19-patients-seen-floating-in-yamuna-river

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධ මේ වනවිට බරපතල අර්බුද පබැනනැගී ඇත. මළ සිරුරු අධිකවීම නිසා ඒවාට අවසන් කටයුතු කළ නොහැකිව අදාහානාගාරවල ධාරිතාව ඉක්මවා යාමත් අසන්නට ලැබේ.




මෙම තත්වය මත මළ සිරුරු රැසක් යමුනා නදියේ පාවෙමින් පැවතී හමුව ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් හින්දු චාරිත්‍ර අනුව මළ සිරුරු කොටස් හෝ අළු ගංගාවලට යොමු කරන සිරිතක්ද එරට තිබේ.
“මෝක්ෂද කලින්දි” යනුවෙන් එය හැදින්වේ. කෙසේ වුවත්, මළසිරුරක් යමුනා නදියේ ගලායාම සාමාන්‍ය තත්වයක් වුවත්, මළසිරුරු දුසිමක් පමණ තත්වයක් දක්වා පාවෙන්නට වීම මේවන විට ඉන්දියාව මුහුණදී තිබෙන බරපතල තත්වය පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිරුරු උත්තර් ප්‍රදේශ්හි, හමීර්පූර් සහ කාන්පූර් යන දිස්ත්‍රික්කවලින් ගංගාවට දමා ඇතැයි හදුනාගෙන තිබේ. පොලිසිය පැවසූවේ, මෙයට කාන්පූර් ජනයා වගකිව යුතු බවයි.


යමුනා නදියේ පාවුණු එක් මළ සිරුරක් අඩක් පිළිස්සී ඇති අතර, අනෙක්වා අවමංගල්‍යයකදී මිය ගිය තැනැත්‍තාට අන්දවා තබන වස්ත්‍ර අනුව සරසා තිබූ බව පැවසේ.
යමුනා නදිය ශූද්ධවූ ගංගාවක් ලෙස සලකා, මිය ගිය පසු මළසිරුර නදිය බාරගන්නා බව සිතා සිරුරු පාකර ඇති බවද කියැවේ.